
ශ්‍රී ලංකාවේ නව චීන තානාපති වයි හුවාෂියැන්ග් මහතා සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අතර හමුවක් පැවැත්විණි.
ඊයේ (29) ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී මෙම හමුව පැවැත්විණි.
වයි හුවාෂියැන්ග් මහතා ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයා ලෙස පත්වීමෙන් අනතුරුව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා හමුවූ පළමු අවස්ථාව මෙයයි.
එහිදී දෙරට අතර දිගුකාලීන මිත්‍රත්වය සහ සහයෝගීතාව සම්බන්ධයෙන් අමාත්‍යවරයා චීන තානාපතිවරයා වෙත සිය ප්‍රසාදය පළ කර තිබේ.
විශේෂයෙන් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය වෙනුවෙන් චීන රජය අඛණ්ඩව ලබාදෙන සහයෝගය සම්බන්ධයෙන් ද අමාත්‍යවරයා ස්තූතිය පළ කර ඇත.
මේ අතර, චීන රජයේ පරිත්‍යාගයක් ලෙස ඉදිකරන ලද පොළොන්නරුව ජාතික වෘක්කවේදී විශේෂිත රෝහලේ පසුගියදා සිදුවූ හදිසි අනතුර සම්බන්ධයෙන් ද දෙපාර්ශ්වය අතර දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබේ.
හමුවට සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි, අමාත්‍යාංශ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, අතිරේක ලේකම් සාලින්ද බණ්ඩාර ඇතුළු නිලධාරීන් පිරිසක් සහ චීන තානාපති කාර්යාලයේ නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.





















































