
තම සාමාජික රටවල් වෙත ලබාදෙන අරමුදල් ඉහළ දැමීමට ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය තීරණය කර තිබේ.
එහි සභාපති Gianni Infantino උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කළේ, මේ යටතේ අමෙරිකානු ඩොලර් මිලියන 10කට අධික මුදලක් ෆිෆා සාමාජිකයින අතර බෙදාදීමට සැළසුම් ඇති බවයි.
ඒ අනුව, ෆිෆා සාමාජිකත්වය දරන රටවල් 211 වෙත අදාළ මුදල් පිරිණැමෙනු ඇත.
ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ විධායක කමිටුව වෙත එහි සභාපති Gianni Infantino විසින් අදාළ යෝජනාව ඉදිරිපත් කර ඇති අතර එළඹෙන 15 වනදා රැස්වන ෆීෆා කවුන්සිලය විසින් එය අනුමත කිරීමට නියමිතයි.





















































