
වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජලවිද්‍යා හා ආපදා කළමනාකරණ අංශය විසින් ප්‍රධාන ගංගා ද්‍රෝණි කිහිපයක් සඳහා නිකුත් කර තිබූ ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදන ඉවත් කර තිබේ.
අදාළ ගංගා ද්‍රෝණිවල ජල මට්ටම් මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බැවින් මෙම නිවේදනය ඉවත් කර ඇති බව සඳහන්.
ඒ අනුව මහවැලි ගඟ, කළු ගඟෙහි කුඩා ගඟ උප ද්‍රෝණිය, නිල්වලා ගඟ සහ ගිං ගඟ සඳහා මෙලෙස ගංවතුර අනතුරු ඇඟවීම් ඉවත් කිරීමට පියවර ගෙන ඇත.
දිවයින පුරා පවතින වර්ෂාපතන තත්ත්වය සහ ගංගාවල ජල මට්ටම්වල වෙනස්කම් පිළිබඳව නිරන්තර අවධානයෙන් පසුවන බවත් නැවත ගංවතුර තත්ත්වයක් ඇති වුවහොත් ඒ පිළිබඳ පූර්ව දැනුම්දීම් කිරීමට අවශ්‍ය සියලු කටයුතු සූදානම් කර ඇති බවත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම් දී සිටී.





















































