
මෙරට නිෂ්පාදිත ටී කටස් වර්ගයේ පිස්තෝල අවි 4ක් සමග තරුණයෙකු දෙමටගොඩ, සිරිධම්ම මාවතේදී අත්අඩංගුවට ගෙන තිබේ.
බස්නාහිර පළාත උතුර අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් සිදුකළ විමර්ශනයකදී මෙම තරුණයා අත්අඩංගුවට ගෙන ඇත.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 23 හැවිරිදි අයෙකු බව පොලීසිය පැවසීය.
මරණ දඬුවම නියමව සිටින දෙමටගොඩ චමින්දගේ පුතා වන මලීෂ නැමැත්තාට අදාළ ගිනිඅවි අයත් බව මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී සී. ධර්මරත්න මහතාගේ මෙහෙයවිමෙන් පොලිස් පරීක්ෂක අංජන ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදුකරයි.





















































