
අරලගංවිල, අලවාකුඹුර ප්‍රදේශයේ කාන්තාවක් අකුණු සැර වැදී ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 47 ක් වූ අලවාකුඹුර, මාදුරුඔය ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙකි.
අදාළ කාන්තාව ඥාති පුත්‍රයෙකු සමග පිඹුරත්තෑව ජලාශයේ ධීවර කටයුතු සඳහා ගොස් සිටියදී මෙලෙස අකුණු සැර වැදී ඇති බව මූලික විමර්ශනයේදී අනාවරණය වී ඇත.
අරලගංවිල පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.





















































