
සේරුනුවර, සිරිදූව ප්‍රදේශයේදී වන අලි ප්‍රහාරයකට ලක්වීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ සේරුනුවර ප්‍රදේශයේ පදිංචිව සිටි 47 හැවිරිදි පුද්ගලයෙකි.
අදාළ පුද්ගලයා සිය නිවස ඉදිරිපිට සිටියදී මෙලෙස වන අලි ප්‍රහාරයට ලක්ව ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් සේරුනුවර පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.





















































