
තිරුවානන්තපුරම් හි ග්‍රීන්ෆීල්ඩ් ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැති පළමු එක්දින ක්‍රිකට් තරඟයෙන් බටහිර ඉන්දීය කොදෙව්වන් කඩලු 8කින් පරාජය කිරීමට ඉන්දීය කණ්ඩායම සමත් විය.
පළමුවෙන් පන්දුවට පහරදුන් කොදෙව් කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ කඩුලු 7කට ලකුණු 295ක් රැස් කළ අතර, පිළිතුරු ලෙස ඉන්දියාව පන්දුවාර 41.4කදී කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 300ක් ලබා ගනිමින් ජයග්‍රහණය වාර්තා කළේය.
විශිෂ්ට පිතිහරඹයක නිරත වූ විරාට් කෝලි පන්දු 88කින් නොදැවී ලකුණු 139ක් රැස් කළේය.
එයට හතරේ පහර 10ක් සහ හයේ පහර 9ක් අයත් වේ.
නායක ශුබ්මන් ගිල්ද විශිෂ්ට පිතිහරඹයක නිරත වෙමින් ලකුණු 110ක් රැස් කළ අතර, කෝලි සහ ගිල් අතර ගොඩනැමුණු සබඳතාව ඉන්දීය ජයග්‍රහණය ඉක්මන් කළේය.
කොදෙව් කණ්ඩායම වෙනුවෙන් ජස්ටින් ග්‍රීව්ස් ශතකයක් රැස් කළ අතර, ජෝන් කැම්බල් ලකුණු 62ක් සහ අමීර් ජැන්ගු නොදැවී ලකුණු 58ක් ලබා ගත්හ.
පන්දු යැවීමේදී කුල්දීප් යාදව් කඩුලු 4ක් දවා ගත්තේය.
විරාට් කෝලි බිඳ දැමූ ඓතිහාසික වාර්තා
මෙම තරඟයේදී විරාට් කෝලි වාර්තා කිහිපයක් අලුත් කිරීමට සමත් විය.
ඔහු එක්දින ක්‍රිකට් පිටියේ වේගවත්ම ලකුණු 15,000 සීමාව පසුකළ ක්‍රීඩකයා බවට පත්වූ අතර, සචින් තෙන්ඩුල්කාර්ගෙන් පසු මෙම කඩඉම පසුකළ දෙවැන්නා බවට පත්විය.
ඉන්දියාව තුළ වැඩිම එක්දින ලකුණු සංඛ්‍යාවක් රැස් කළ පිතිකරු ලෙස සචින් තෙන්ඩුල්කාර් සතුව තිබූ වාර්තාව ද කෝලි විසින් අභිබවා ගියේය.
ඔහු සිය එක්දින ක්‍රිකට් දිවියේ 55 වැනි ශතකය වාර්තා කරමින් තම වාර්තාව තවත් වර්ධනය කරගත්තේය.
මෙම ජයග්‍රහණයත් සමඟ තරග 3කින් යුත් එක්දින තරඟාවලිය 1-0ක් ලෙස පෙරමුණ ගැනීමට ඉන්දියාව සමත් විය.





















































