
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්තය අතර පැවැත්වෙන තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලියේ තෙවැනි සහ අවසන් තරගය ලන්ඩන්හි ඕවල් ක්‍රීඩාංගණයේදී අද (27) පැවැත්වේ.
කණ්ඩායම් දෙකම මේ වනවිට තරග 1-1ක් ලෙස සම තත්ත්වයේ පසුවන බැවින් මෙම තරගය අතිශය තීරණාත්මක තරගයක් බවට පත්ව ඇත.
දෙරට අතර පළමු එක්දින තරගය එංගලන්තය ලකුණු 89කින් ජයගත් අතර, දෙවැනි තරගය ශ්‍රී ලංකා ලකුණු 16කින් ජයගනු ලැබීය.
ශ්‍රී ලංකා කණ්ඩායමක් 2014 වසරේ දී පැවති එක්දින තරගාවලිය තරග 5-0ක් ලෙස ජයගැනීමෙන් අනතුරුව වසර 12කින් එංගලන්තයේදී එක්දින තරගාවලි ජයක් වාර්තාකර නොමැත.
ඒ අනුව ඔවුන් අද තරග වදින්නේ වසර 12කට පසුව එංගලන්තයට එරෙහි එක්දින තරගාවලි පරාජයේ ඉඩෝරයට තිත තැබීමේ අරමුණිනි.
මේ අතර අද තරගයේ සියලුම ප්‍රවේශ පත් අලෙවි වී අවසන් බව විදෙස් මාධ්‍ය පවසයි.
ශ්‍රී ලංකා - එංගලන්ත තෙවැනි එක්දින තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද (27) ප.ව. 3ට ආරම්භ වීමට නියමිතය.





















































