
කොස්ලන්ද, නැව්ආර සහ අළුත් වෙල රක්ෂිතය ආශ්‍රිතව අක්කරයක පමණ භූමි ප්‍රමාණයක රහසිගතව පවත්වාගෙන ගිය මහා පරිමාණ කංසා වගාවක් පොලීසිය විසින් වටලා තිබේ.
එහි තිබී කංසා පැළ 18,450ක් පොලීසිය සිය භාරයට ගෙන ඇති අතර, ඉන් කොටසක් නඩු භාණ්ඩ ලෙස තබාගෙන ඉතිරි කොටස එම ස්ථානයේදීම ගිනි තබා විනාශ කිරීමට පියවර ගෙන ඇත.
මීට අමතරව එම ස්ථානයේ තිබී සකස් කරන ලද වියළි ගංජා කිලෝ 144යි ග්‍රෑම් 350ක ප්‍රමාණයක්ද සොයා ගැනීමට පොලීසිය සමත් ව තිබේ.
වැටලීම සිදුවන අවස්ථාවේදී එහි සිටි සැකකරුවන් ප්‍රදේශයෙන් පලාගොස් ඇති අතර, ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.





















































