
මොරටුව, ලුනාව මුහුදුබඩ මාර්ගයේ ලුනාව හතරමං හන්දිය ප්‍රදේශයේදී සිදු වූ අනතුරකින් තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ බදුල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි 21 හැවිරිදි තරුණයෙකි.
මොරටුව දෙසට ධාවනය වූ ත්‍රීරෝද රථයක් ලුනාව හතරමං හන්දියෙන් ‘U’ හැඩයට හැරවීමට උත්සාහ කිරීමේදී යතුරුපැදියක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.
අනතුරින් බරපතළ තුවාල ලැබූ යතුරුපැදිකරු රෝහලට ඇතුළත් කර ඇති අතර ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බව පොලිසිය පවසයි.
අනතුරට සම්බන්ධ ත්‍රීරෝද රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් මොරටුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.





















































