
නීති විරෝධී ලෙස ගිනිඅවියක් සන්තකයේ තබාගෙන පුද්ගලයෙකු සිටින බවට කළුතර අපරාධ කොට්ඨාසයට ලද තොරතුරක් මත ඊයේ (26) වාද්දූව ප්‍රදේශයේ සිදුකළ වැටලීමකින් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුගේ නිවස පරීක්ෂා කිරීමේදී තිබී මිලිමීටර් 9 උණ්ඩ යෙදිය හැකියි රිවෝල්වරයක් සහ ඊට යොදන උණ්ඩ දෙකක් පොලිස් භාරයට ගෙන තිබේ.
මෙසේ අත්අඩංගුවට ගත්තේ හබරලගහලන්ද ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි පුද්ගලයෙකු වන අතර, ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත්තේ මෙම ගිනිඅවිය වෙනත් පුද්ගලයෙකුගෙන් මිලදී ගෙන බවය.
කෙසේ නමුත් මෙම ගිනිඅවිය කුමන අරමුණක් සඳහා මිලදී ගත්තේද, එසේ නැතිනම් මෙම ගිනි අවිය සාපරාදී අපරාධ සඳහා යොදාගත්තේ ද යන්න පිළිබඳ මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැත.
කළුතර අපරාධ කොට්ඨාසය මගින් ඉදිරි විමර්ශන ක්‍රියාත්මක අතර,
සැකකරු පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.





















































