
නීති විරෝධීව මෙරටට ආනයනය කරන ලද දුම්වැටි තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
අද (27) අලුයම කටුනායක ගුවන් තොටුපොළ පැමිණිමේ පර්යන්තයේදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ කටුනායක ගුවන්තොටුපළ ඒකකයේ නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරක් මත සිදුකරන ලද වැටලීමකදි මෙම අත්අඩංගුවට ගැනීම සිදුව ඇත.
එහිදී දුම්වැටි 14,000ක් අඩංගු කාටුන් 70ක් සහ දුම්වැටි 18,000ක් සමග කාටුන් 90ක් සැකකරුවන් දෙදෙනා අතර තිබී නිලධාරීන් භාරයට ගෙන ඇත.
පොලිසිය පැවසුවේ අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 36 හා 56 වයස්වල පසුවන චීන ජාතිකයින් වන බවය.
සිද්ධිය සම්බන්ධව කටුනායක ගුවන්තොටුපළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශ ඒකකය විසින් වැඩිදුර විමර්ශන පවත්වයි.





















































