
නිල්වලා සහ ගිංගඟ ආශ්‍රිතව නිකුත් කර තිබූ ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනය ඉදිරි පැය 24ටත් දීර්ඝ කිරීමට වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් පියවර ගෙන තිබේ.
පවතින වැසි තත්ත්වය හේතුවෙන් පසුගිය 24 වැනි දින මෙම ගංවතුර අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කළ අතර පසුව එය තවදුරටත් දීර්ඝ කිරීමට ද එම දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබුණි.
ඒ අනුව ඉදිරි පැය 24ද මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත්තේ මේ සම්බන්ධව අවධානය යොමු කරමින් ඒ ආශ්‍රිත මාර්ගවල ගමන් ගන්නා රියදුරන් සහ එම ප්‍රදේශවල පදිංචි මහජනතාව සැලකිල්ලෙන් යුතුව කටයුතු කරන ලෙසය.





















































