
එංගලන්ත ප්‍රහාරාත්මක පිතිකරු, කඩුලු රකින ක්‍රීඩක ජොස් බට්ලර් ශ්‍රී ලංකාවට එරෙහිව ලන්ඩන් හි පැවැත්වෙන තීරණාත්මක තෙවැනි හා අවසන් එක්දින තරගයෙන් ඉවත්කර ඇති බව එංගලන්ත ක්‍රිකට් මණ්ඩලය පවසයි.
දෙවන එක්දින තරගය අතරතුරදී ඔහු මුහුණ දුන් පාදයේ ආබාධය ඔහු ඉවත් කිරීමට හේතු වී තිබේ.
එම තරගයේදී ඔහු පන්දු 49කදී ලකුණු 69ක් ලබා ගැනීමට බට්ලර් සමත් විය.
ඔහු ඉනිමේ 38 වන පන්දුවාරයේදී ආබාධයට ලක්ව පිටියෙන් ඉවත්වූ අතර, පසුව නැවත පන්දුවට පහරදීමට පැමිණියද, තරගයේ ප්‍රතිඵලය වෙනස් කිරීමට නොහැකි විය.
ඒ හේතුවෙන් එංගලන්ත කණ්ඩායම ලකුණු 16කින් එම තරගය පරාජයට පත් විය.
බට්ලර් වෙනුවට ඩෑන් ලෝරන්ස් සංචිතයට කැඳවා ඇත.
තරග 3කින් සමන්විත තරගාවලියේ කණ්ඩායම් දෙකම තරගය බැගින් ජයගෙන මේ වනවිට තරග 1-1ක් ලෙස සම තත්ත්වයේ සිටියි.





















































