
අධික වේගයෙන් ධාවනය වූ ත්‍රිරෝද රථයක් සහ ලංගම බස් රථයක් එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරින් ත්‍රිරෝද රථයේ ගමන් ගත් රියදුරා බරපතළ තුවාල ලබා දික්ඔය මූලික රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබේ.
අද (25) පස්වරු 2.30ට පමණ මෙම අනතුර සිදුව ඇති අතර ඒ හැටන් බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ දික්ඔය මූලික රෝහල ආසන්නයේදීය.
හැටන් සිට නෝර්වුඩ් දක්වා ධාවනය වූ ත්‍රිරෝද රථයක් සහ මස්කෙළිය සාමිමලේ සිට හැටන් දක්වා ධාවනය වූ ලංගම බස් රථයක් මෙලෙස එකිනෙක ගැටී ඇත.
පොලීසිය පැවසුවේ ත්‍රිරෝද රථ රියදුරා සිය ජංගම දුරකථනය භාවිත කරමින් ඇමතුමක රැඳී සිටියදී අපරික්ෂාකාරීව ත්‍රිරෝද රථය වේගයෙන් ධාවනය කර ඇති බවත් එහිදී ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි ලංගම බස් රථයේ මුහුණට මුහුණ සහ බඳේ ගැටී මෙම අනතුර සිදුව ඇති බවය.
අනතුරින් ත්‍රිරෝද රථයට දැඩි ලෙස හානි සිදුවී ඇති තිබුණු අයුරු ද දක්නට ලැබුණි.
ත්‍රිරෝද රථ රියදුරාගේ නොසැලකිලිමත් රිය අනතුරට හේතුව බවට අනතුර පිළිබඳ පරීක්ෂණ පවත්වන නෝර්වුඩ් පොලිසිය සඳහන් කළේය.




















































