
නව පත්වීම් ත්‍රිත්වයක් සඳහා උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමිව තිබේ.
නව තානාපතිවරයෙකු, මහ කොමසාරිස්වරයෙකු සහ ආයතන සභාපතිවරයෙකු පත් කිරීම සඳහා මෙම අනුමැතිය හිමිව ඇත.
ඒ අනුව පිලිපීනයේ නව ශ්‍රී ලංකා තානාපතිනිය ලෙස අන්සුල් බානු ජාන් මහත්මියද, කැනඩාවේ නව ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා ලෙස චන්දන රෝහණ කුමාර අඹගොල්ල මහතාගේ පත්වීමටද කාරක සභාවේ අනුමැතිය හිමිව තිබේ.
තවද ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ලිමිටඩ් හී නව සභාපතිවරයා ලෙස නුසිත් කුමාරතුංග මහතාගේ පත් කිරීමටද උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමිව ඇත.



















































