
ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය විසින් 27 වැනි වරටත් සංවිධානය කළ කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය, බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී අද (25) ආරම්භ විය.
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය උපුල් සුබසිංහ, මෙරට චීන තානාපති වේයි හුවාෂියැං යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් සමාරම්භක උත්සවයට එක්ව සිටියහ.
ඔක්තෝබර් 4 වැනිදා දක්වා පුරා දින 10ක් පැවැත්වෙන මෙම ප්‍රදර්ශනය සෑම දිනකම පෙ.ව. 9 සිට රාත්‍රී 9 දක්වා පැවැත්වීමට කටයුතු යොදා ඇත.
'TV'දෙරණ මෙවර පොත් ප්‍රදර්ශනයේ නිල මාධ්‍ය අනුග්‍රහය දක්වනු ලබයි.



















































