
පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් නුවරඑළිය සහ හැටන් අධ්‍යාපන කලාපවල සියලු පාසල් හෙට (25) වසා තැබීමට තීරණය කර තිබේ.
මධ්‍යම පළාතේ අනෙකුත් අධ්‍යාපන කලාපවල පාසල් විවෘත කිරීම සම්බන්ධයෙන් එම ප්‍රදේශවල තත්ත්වය අනුව තීරණ ගැනීමේ හැකියාව පවතින බව මධ්‍යම පළාත් අධ්‍යාපන ලේකම්වරයා සඳහන් කර ඇත.



















































