
එංගලන්තයට එරෙහි දෙවන එක්දින ක්‍රිකට් තරගයේදී කුසල් මෙන්ඩිස් සිය 7 වන එක්දින ජාත්‍යන්තර ශතකය වාර්තා කිරීමට සමත්ව තිබේ.
ලීඩ්ස්හිදී මේ වනවිට පැවැත්වෙන තරගයේදී කුසල් මෙන්ඩිස් සිය ශතකය සම්පූර්ණ කර ඇත්තේ හතරේ පහර 13ක් සහ හයේ පහර 3ක් සමඟින්ය.
මෙය එංගලන්ත කණ්ඩායමට එරෙහිව කුසල් මෙන්ඩිස් වාර්තා කළ පළමු එක්දින ශතකය වන අතර, එංගලන්තයේදී ඔහු රැස් කළ පළමු එක්දින ශතකයද මෙයයි.



















































