
එංගලන්ත කණ්ඩායම සමඟ පැවැත්වෙන දෙවන එක්දින තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය.
මෙම තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය කුසල් මෙන්ඩි හට හිමිව ඇති අතර එංගලන්ත කණ්ඩායම මෙහෙයවනු ලබන්නේ හැරි බෲක් විසිනි.
ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පෙර තරගයට ක්‍රීඩා කළ දුෂමන්ත චමීර වෙනුවට එෂාන් මාලිංග කැඳවා ඇත.
මෙම තරගය පැවැත්වෙන්නේ ලීඩ්ස්හිදීය.
දෙරට අතර පැවති පළමු තරගය එංගලන්තය ජයගත් අතර තරග තුනකින් සමන්විත තරගාවලිය එකට බින්දුවක් ලෙස ඔවුන් පෙරමුණ ගෙන තිබේ.



















































