
ආබාධ තත්ත්වයක් හේතුවෙන් එංගලන්ත සංචාරයේ නියැලී සිටින ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග හදිසියේ දිවයිනට යළි පැමිණීමට නියමිතව තිබේ.
වැඩිදුර වෛද්‍ය පරීක්ෂණ සහ ප්‍රතිකාර ලබාගැනීම සඳහා ඔහු මෙලෙස එංගලන්තයේ සිට දිවයිනට පැමිණීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.
එංගලන්තයට එරෙහිව පැවැත්වෙන තරග තුනකින් යුත් එක්දින තරගාවලියට ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දෙමින් සිටින අතර, දෙවන එක්දින තරගය අද (24) ලීඩ්ස් දී පැවැත්වීමට නියමිතය.
මීට පෙර පැවති විස්සයි20 තරගාවලියට සහභාගී වූ වනිඳු හසරංග, පළමු එක්දින තරගයේදී ක්‍රීඩා කළේ නැත.
එම ආරම්භක තරගයෙන් ශ්‍රී ලංකාව ලකුණු 89කින් පරාජයට පත් විය.
මෙම ආබාධය හේතුවෙන් සංචාරයේ ඉතිරි එක්දින තරග සඳහා ද ඔහුට සහභාගී වීමට නොහැකි වනු ඇත.


















































