
2027 වසරට අදාළ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය මේ වසරේ දෙසැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිතව තිබේ.
එය ඉන්දියාවේ ගෝවාහිදී සිදු කිරීමට සැලැසුම් කර ඇති බව ක්‍රීඩා මාධ්‍ය වාර්තා සඳහන් කළේය.
අදාළ ක්‍රීඩක වෙන්දේසිය ඉන්දියාවේදී පැවැත්වෙන්නේ වසර තුනකට පසුවවීමත් විශේෂත්වයකි.
ඒ අනුව මෙම වෙන්දේසිය දෙසැම්බර් මස දෙවන සතියේදී පැවැත්වීමට සැලැසුම් කර ඇති බව සඳහන්ය.
ලබන වසරේ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය මාර්තු මස 14 වැනිදා සිට මැයි මස 30 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය.


















































