
ලෝක ළමා දිනයට සමගාමීව කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය විසින් ජාතික සතියක් ප්‍රකාශයට පත්කර තිබේ.
එළැඹෙන 25 වනදා සිට ඔක්තෝබර් පළමු වනදා දක්වා මෙවර ලෝක ළමා දින සැමරුම ක්‍රියාත්මක කිරීමට නියමිත බව එම අමාත්‍යාංශය නිවේදනය කරයි.
මේ අතර, "මනසින් සවිමත් - දරුවන් පොහොසත්" යන තේමාව යටතේ මෙවර ලෝක ළමා දින සැමරුම ක්‍රියාත්මක කිරීමට නියමිත බව සඳහන් වෙයි.


















































