
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන පළමු එක්දින තරගය මේ වනවිට චෙස්ටර්-ලී-ස්ට්‍රීට් හිදී පැවැත්වෙයි.
එම තරගෙව් පළමුව පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම පන්දුවාර 48යි එක් පන්දුවක් අවසානයේ සියලුදෙනා දැවී ලකුණු 265ක් රැස්කළේය.
එංගලන්ත ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ නායක හැරී බෘක් ලකුණු 67ක් රැස් කළ අතර, ජෝ රූට් ලකුණු 44ක් සහ බෙන් ඩකට් ලකුණු 32ක් ලබාගත්තේය.
ජොස් බට්ලර් ලකුණු 31ක් රැස් කළ අතර, Will Jacks නොදැවී ලකුණු 46ක් රැස්කළේය.
ශ්‍රී ලංකාව වෙනුවෙන් සචින්දු කොළඹගේ කඩුලු 3ක් දවාගත් අතර, අසිත ප්‍රනාන්දු කඩුලු 2ක් බිඳහෙළීය.
දුනිත් වෙල්ලාලගේ, දිල්ෂාන් මධුශංක සහ දුෂ්මන්ත චමීර එක් කඩුල්ල බැගින් දවාගෙන තිබේ.



















































