
එංගලන්ත කණ්ඩායමේ වේගපන්දු ක්‍රීඩක මාක් වුඩ් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබේ.
36 හැවිරිදි වියේ පසුවන මාක් වුඩ්, එංගලන්තය වෙනුවෙන් බිහි වූ වේගවත්ම පන්දු යවන්නෙකු ලෙස සැලකේ.
පසුගිය වසර කිහිපය පුරා වැළඳුණු වැලමිටේ ආබාධ සහ දණහිසේ ශල්‍යකර්ම හේතුවෙන් ඔහුට ක්‍රීඩා කිරීමට නොහැකි විය.
වෛද්‍ය උපදෙස් මත ටෙස්ට් සහ එක්දින ක්‍රීඩාවේ නිරත වීම තවදුරටත් අපහසු වීම නිසා ඔහු මෙම තීරණය ගෙන ඇත.
2015 වසරේ ජාත්‍යන්තර ක්‍රීඩා දිවියට පිවිසි ඔහු, ටෙස්ට් තරඟ 38කදී කඩුලු 119ක් බිඳ හෙළා ඇත.
එසේම, 2019 එක්දින ලෝක කුසලානය දිනූ එංගලන්ත කණ්ඩායම නියෝජනය කරමින් කඩුලු 18ක් ද, 2022 විස්සයි20 ලෝක කුසලාන ජයග්‍රහණයට ද දායක විය.
එක්දින තරග 70කින් කඩුලු 80ක් සහ විස්සයි20 තරග 38කින් කඩුලු 54ක් දවා ගනිමින් ඔහු ක්‍රිකට් පිටියෙන් සමුගනී.



















































