
ඉන්දීය කණ්ඩායමේ ජපාන සංචාරය යටතේ පැවති එකම විස්සයි20 තරගයෙන් සත්කාරක ජපානය හමුවේ ලකුණු 2ක තියුණු ජයක් ලැබීමට ඉන්දීය කණ්ඩායම අද (22) සමත් විය.
දෙරට අතර එකම විස්සයි20 තරගය වූ මෙය වර්ෂාව හේතුවෙන් පන්දුවාර 5කට සීමා වූ අතර, එහිදී පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව නියමිත පන්දුවාර සංඛ්‍යාව තුළදී කඩුලු 4ක් දැවී ලකුණු 32ක් රැස්කළේය.
ඒ අනුව ලකුණු 33ක ඉලක්කයක් හඹාගිය ජපානයට නියමිත පන්දුවාර සංඛ්‍යාව තුළදී කඩුලු කඩුලු 3ක් දැවී රැස්කළ හැකිවූයේ ලකුණු 30ක් පමණි.
ප්‍රබල ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් සංජු සැම්සන් (9), අභිෂේක් ෂර්මා (0), ඉෂන් ක්‍රිෂාන් (6), තිලක් වර්මා (නොදැවී 1), ශිවම් ඩුබේ පන්දුවට පහරදීමට එක්වූහ.
එමෙන්ම අස්සාර් පටෙල්, වොෂින්ටන් සුන්දර්, රවි බිෂ්නෝනි වැනි ක්‍රීඩකයන් පන්දු යැවීමට එක්ව සිටියහ.
මෙහිදී ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් පන්දු 12කදී ලකුණු 16ක් රැස්කළ ශ්‍රෙයාස් අයියර් තරගයේ වීරයා ලෙස සම්මාන දිනාගත්තේය.



















































