
ජපානයේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට් රන් පදක්කම වෙනුවෙන් වූ අවසන් තරගය ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර අද (22) පැවැත්වේ.
තරගය මෙරට වේලාවෙන් අද පෙ.ව. 10.30ට ආරම්භවීමට නියමිතය.
මේ අතර මෙම තරග කාණ්ඩයේ ලෝකඩ පදක්කම දිනාගැනීමට පාකිස්තාන කාන්තා කණ්ඩායම සමත් විය.
ඔවුන් හමුවේ බංග්ලාදේශ කාන්තා කණ්ඩායම ලකුණු 31කින් පරාජය විය.
පළමුව පන්දුවට පහරදුන් පාකිස්තාන කණ්ඩායම පන්දුවාර 20 තුළදී කඩුලු 8ක් දැවී ලකුණු 145ක් රැස්කළ අතර, එයට පිළිතුරු ලෙස බංග්ලාදේශයට පන්දුවාර 20 තුළදී කඩුලු 7ක් දැවී රැස්කළ හැකිවූයේ ලකුණු 114ක් පමණි.



















































