
කොතරම් කමිටු පත් කළත්, සැලසුම් හැදුවත් දක්ෂ ක්‍රීඩකයින් නොමැතිව ක්‍රිකට් ක්‍රීඩාව ඉදිරියට රැගෙන යා නොහැකි බව ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා පවසයි.
කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ක්‍රීඩා අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
"අපි කොච්චර හොඳ කමිටු පත් කළත්, කොච්චර හොඳ සැලැසුම් හැදුවත්, ක්‍රීඩකයෝ නැතිව ක්‍රීඩාව ගෙනියන්න බෑ. අපේ අරමුණ වෙන්න ඕනේ යට ඉඳලා ක්‍රීඩකයෝ හදාගෙන එන එක. දැන් ඉන්න, සමහර ක්‍රීඩකයින්ගෙන් අපිට බලාපොරොත්තු වෙන්න බැහැ ඒ මට්ටම. මේක කාලයක් තිබුණ ප්‍රශ්නයක කොනක තමයි අපි ඉන්නේ. මුල ඉඳලා මේක හදාගෙන යන්න ඕනේ."



















































