
කුරුණෑගල දඹුල්ල මාර්ගයේ කරව්වැව ප්‍රදේශයේදී සිදු වූ අනතුරකින් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
දඹුල්ල දෙසට ධාවනය වූ ලොරි රථයක මාර්ගයේ වම් පසින් ගමන් කරමින් සිටි පදික කාන්තාවක් ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.
අනතුරින් බරපතළ තුවාල ලැබූ පදික කාන්තාව ගොකරැල්ල රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන ඇති අතර ඒ වනවිටත් ඇය මියගොස් සිට ඇති බව පොලීසිය පැවසීය.
මෙලෙස මියගොස් ඇත්තේ ගොකරැල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 75ක් වූ කාන්තාවකි.
ගොකරැල්ල පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.



















































