
ගෙවුණු පැය කිහිපය තුළ වැඩිම වර්ෂාපතනය කෑගල්ල දිස්ත්‍රික්කයේ මාලිබොඩ ප්‍රදේශයෙන් වාර්තා වී ඇති අතර එම අගය මිලිමීටර් 104ක් බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
කෑගල්ල දිස්ත්‍රික්කයේම කළුපහන ප්‍රදේශයෙන් මිලිමීටර් 95.5 ක ද, නුවරඑළිය දිස්ත්‍රික්කයේ මස්කෙළිය ප්‍රදේශයෙන් මිලිමීටර් 85.5ක වර්ෂාපතනයක් වාර්තා වී ඇත.
එමෙන්ම කුරුණෑගල දිස්ත්‍රික්කයේ පොල්පිතගම ප්‍රදේශයට මිලිමීටර් 85.0ක සහ රත්නපුර දිස්ත්‍රික්කයේ දම්මුල්ල ප්‍රදේශයට මිලිමීටර් 82.5ක වර්ෂාපතනයක් ලැබි තිබේ.
මේ අතර දිවයින පුරා පවතින සක්‍රීය නිරිතදිග මෝසම් තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක කිහිපයකට තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දී සිටී.
ඒ අනුව බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලට මෙන්ම මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලට විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.
ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 පමණ තද වැසි ඇතිවීමේ හැකියාවක් ද පවතී.



















































