
අතුරුගිරිය පොලිස් වසමේදී මනුෂ්‍ය ඝාතන දෙකක් සිදු කිරීමේ සිද්ධියේ වෙඩික්කරු ලෙස කටයුතු කළ පුද්ගලයෙකු ඇතුළු සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පසුගිය අගෝස්තු මස 17 වැනි දින සහ මෙම මස 08 වැනි දින අතුරුගිරිය පොලිසිය තුළ සිදුවූ මෙම මනුෂ්‍ය ඝාතන දෙක සම්බන්ධව පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබුණි.
ඒ අනුව සිදුකළ විමර්ශනයේදී එම අපරාධය සඳහා වෙඩික්කරු ඇතුළු සිදුවීමට ආධාර අනුබල දුන් තිදෙනෙකුද අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 21,24,41 සහ 45 යන වයස්වල පසුවන පාදුක්ක, බණ්ඩාරගම, මොරොන්තුඩුව සහ අළුබෝමුල්ල යන ප්‍රදේශවල පදිංචිකරුවන් පිරිසකි.
එමෙන්ම වෙඩික්කරු ලෙස කටයුතු කළ සැකකරු සතුව තිබී ජීව අත්බෝම්බයක් ද පොලීසිය විසින් මෙහිදී සොයාගෙන ඇති අතර සැකකරු හොරණ මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩුවකට වරෙන්තු නිකුත් වූ අයෙකු බවටත් අනාවරණය වී ඇතැයිද පොලීසිය පැවසීය.
සිද්ධිය සම්බන්ධව අතුරුගිරිය පොලීසිය වැඩිදුර විමර්ශණ පවත්වයි.



















































