header logo
Vallibel FD
Selan Bank
උණුසුම් පුවත්
අධික වැසි හමුවේ ප්‍රධාන ජලාශ රැසක ජල මට්ටම් ශීඝ්‍රයෙන් ඉහළට
අධික වැසි හමුවේ ප්‍රධාන ජලාශ රැසක ජල මට්ටම් ශීඝ්‍රයෙන් ඉහළට
Mobitel 1278

පවතින වැසි තත්ත්වයත් සමග දිවයිනේ ප්‍රධාන ජලාශ රැසක ජල මට්ටම් මේ වන විට ශීඝ්‍ර ලෙස ඉහළ යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා හා ආපදා කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂ එල්.එස්. සූරියබණ්ඩාර මහතා පැවසුවේ තෙත් කලාපයේ වර්ෂාපතනය සැලකිය යුතු වැඩිවීමක් පෙන්නුම් කළ බවය.

ලැබී ඇති වර්ෂාපතනයන් අනුව නිල්වලා, ගිං ගඟ, කළුගඟ, මහවැලි ගඟ, කැලණි ගඟ, සහ අත්තනගලු ඔය යන ප්‍රධාන ජලාශවල ජල මට්ටම් මේ වන විට ශීඝ්‍රව ඉහළ යමින් පවතින බවද ඒ මහතා සඳහන් කළේය.

පසුගිය පැය 24 තුළ මිලිමීටර් 150ට ආසන්න වර්ෂාපතනයක් කැලණි සහ මහවැලි ගඟ ආශ්‍රිත ඉහළ ප්‍රදේශ වෙත ඇද හැළුණු බව පැවසූ ඒ මහතා මෙම තත්ත්වයන් පිළිබඳව වාරිමාර්ග දෙපාර්තමේන්තුව අවධානය යොමු කර ඇති බවත් ඒ අනුව ඉදිරි ගංවතුර අනතුරු ඇඟවීම් පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට පියවර ගන්නා බවද සඳහන් කළේය.

මේ වන විට මහවැලි ගඟ ආශ්‍රිතව නාවලපිටිය ප්‍රදේශ වෙත මහ ගංවතුර තත්ත්වයක් දක්වා ජල මට්ටම් ඉහළ ගොස් ඇතැයිද පැවසූ ඒ මහතා ඒ අනුව නාවලපිටිය, පේරාදෙණිය සහ ගම්පල ඇතුළු එම ප්‍රදේශ ආශ්‍රිතව පදිංචි ජනතාව මේ පිළිබඳව දැඩි අවධානයෙන් යුතුව කටයුතු කළ යුතු බවද පෙන්වා දුන්නේය.

එමෙන්ම කැලණි ගඟ ආශ්‍රිතව නෝවුඩ්, කිතුල්ගල සහ අවිස්සාවේල්ල ජල මට්ටම් ඉහළ යමින් පවතින බවත් මේ හේතුවෙන් අවිස්සාවේල්ල, කිතුල්ගල, යටියන්තොට සහ නෝවුඩ් ආශ්‍රිතව පදිංචිව සිටින ජනතාවද අවධානය යොමු කළ යුතුව ඇතැයිද ඒ මහතා සඳහන් කළේය.

අත්තනගලු ඔය ආශ්‍රිතව සාමාන්‍ය ජල මට්ටම් වැඩි වීමක් පෙන්නුම් කළද මේ වන විටත් වර්ෂාපතනය වැඩි වීමත් සමග සැලකිය යුතු ක්ෂණික ගංවතුර තත්ත්වක් දක්වා වර්ධනය වීමේ හැකියාවක් ඇතැයිද පෙන්වා දුන්නේය.

කළුගඟ ආශ්‍රිතව රත්නපුර, මිල්ලකන්ද, මගුරු ඔය ආශ්‍රිත ජල මට්ටම්ද සැලකිය යුතු වැඩිවීමක් පෙන්නුම් කර ඇතැයිද ඇතැම් ස්ථාන වෙත සුළු ගංවතුර තත්ත්වක් දක්වා මේ වන විටත් වර්ධනය වී ඇති බව පැවසූ ඒ මහතා බුලත්සිංහල, පාලින්දනුවර වැනි කුඩා ගඟ ආශ්‍රිතව පවතින ප්‍රදේශවල ජනතාව මේ පිළිබඳව සැලකිලිමත් විය යුතු බවද පැවසීය.

තවද කළු ගඟ ආශ්‍රිතව රත්නපුර සහ ඒ අවට ප්‍රදේශවලටත් මේ වන විට සැලකිය යුතු වර්ෂාපතයක් ලැබී ඇති බැවින් ඒ පිළිබඳව එම ප්‍රදේශ ආශ්‍රිත ජනතාවද සැලකිලිමත් වන ලෙස ද ඒ මහතා දන්වා සිටියේය.

නිල්වලා සහ ගිංග ඉහළ ද්‍රෝණිය වෙත මිලිමීටර් 100 ඉක්මවූ වැසි ඇතැම් ස්ථානවල දක්නට ලැබුණු බැවින් මේ සමගම තවලම, හිනිදුම, නාගොඩ වැනි ප්‍රදේශවල ජල මට්ටම් වැඩිවන බවත්, නිල්වලා ගඟේ ජල මට්ටම් මේ වන විට ක්‍රමයෙන් වැඩිවන බැවින් අකුරැස්ස සහ පිටබැද්දර යන ප්‍රදේශවල ලැබෙන වර්ෂාපතනයන් අනුව ඉදිරියේදි මේ ප්‍රදේශ ආශ්‍රිතව පහත්බිම්වල පදිංචි ජනතාව අවධානයෙන් යුතුව කටයුතු කළ යුතු බවද ඒ මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.
 
MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
🔴NEWS ALERT🚨| මහවැලි ගඟ අවට පහත් බිම්වලට මහ ගංවතුර අවදානමක් | Ada Derana

🔴NEWS ALERT🚨| මහවැලි ගඟ අවට පහත් බිම්වලට මහ ගංවතුර අවදානමක් | Ada Derana

හානිවූ හෙල්ල ගැන ජපන් යන්න  කලින් කතාකරපු රුමේෂ්

හානිවූ හෙල්ල ගැන ජපන් යන්න කලින් කතාකරපු රුමේෂ්

 බන්ධනාගාර නිලධාරීන් විසිරයෑමේ උත්සවයට අඟුණකොළපැලැස්සට ගිය අධිකරණ ඇමති

බන්ධනාගාර නිලධාරීන් විසිරයෑමේ උත්සවයට අඟුණකොළපැලැස්සට ගිය අධිකරණ ඇමති

 ගාල්ලට තද වැසි සහ ලොකු සුළඟක්

ගාල්ලට තද වැසි සහ ලොකු සුළඟක්

ගාල්ලේ ඉදිකිරීමට නියමිත නව පොලිස් ස්ථානය පොලිස්පතිගේ නිරීක්ෂණයට

ගාල්ලේ ඉදිකිරීමට නියමිත නව පොලිස් ස්ථානය පොලිස්පතිගේ නිරීක්ෂණයට

ආසන පටි නීතියට අවනත වුණු රියදුරෝ - ''මගී ආරක්ෂාව ගැන හිතන එක හොඳයි'' | Ada Derana

ආසන පටි නීතියට අවනත වුණු රියදුරෝ - ''මගී ආරක්ෂාව ගැන හිතන එක හොඳයි'' | Ada Derana

CNN ඇතුළු මාධ්‍ය 03කට ධවල මන්දිරය තහනම්.. සෙසු මාධ්‍යටත් රතු එළි | Ada Derana

CNN ඇතුළු මාධ්‍ය 03කට ධවල මන්දිරය තහනම්.. සෙසු මාධ්‍යටත් රතු එළි | Ada Derana

ආසියානු ක්‍රීඩා උලෙළ ජපානයේදී අද ඇරඹෙයි - ශ්‍රී ලංකාවෙන් 150ක් | Ada Derana

ආසියානු ක්‍රීඩා උලෙළ ජපානයේදී අද ඇරඹෙයි - ශ්‍රී ලංකාවෙන් 150ක් | Ada Derana

අභාවයට යන බෙර කර්මාන්තය - ''අපිට ගස් කපලා ගේන්න බෑ..පොලිසියෙන් අල්ලනවා'' | Ada Derana

අභාවයට යන බෙර කර්මාන්තය - ''අපිට ගස් කපලා ගේන්න බෑ..පොලිසියෙන් අල්ලනවා'' | Ada Derana

රනිල් කියන ථේරවාදී වෙළෙඳ ආර්ථිකය | Ada Derana

රනිල් කියන ථේරවාදී වෙළෙඳ ආර්ථිකය | Ada Derana

''මේක මුළු රටම ජවිපෙ ආණ්ඩුවේ සදාකාලික වහලුන් කරන උත්සාහයක්'' | Ada Derana

''මේක මුළු රටම ජවිපෙ ආණ්ඩුවේ සදාකාලික වහලුන් කරන උත්සාහයක්'' | Ada Derana

 යාපනයේදී මහමග ඇද වැටී මිය ගිය තරුණයා.....

යාපනයේදී මහමග ඇද වැටී මිය ගිය තරුණයා.....

මාළු අල්ලන්න මිල්ලත්ත ඇලට ගිය පාසල් සිසුවා දියේ ගිලී අතුරුදන්

මාළු අල්ලන්න මිල්ලත්ත ඇලට ගිය පාසල් සිසුවා දියේ ගිලී අතුරුදන්

 අනෝජන් වෙනුවෙන් පෙරට ආ මනෝ....

අනෝජන් වෙනුවෙන් පෙරට ආ මනෝ....

ලොවම වසඟයට ගත් රාවණා ඇල්ලේ සුන්දර දර්ශන පථය වැසූ පොලිස් බෝඩ් එක

ලොවම වසඟයට ගත් රාවණා ඇල්ලේ සුන්දර දර්ශන පථය වැසූ පොලිස් බෝඩ් එක

Lassana Flora
Spotlight
විදෙස් සමාගම් තුනේ ඉන්ධන ගැටලුව රාජ්‍යතාන්ත්‍රික අර්බුදයකට

විදෙස් සමාගම් තුනේ ඉන්ධන ගැටලුව රාජ්‍යතාන්ත්‍රික අර්බුදයකට

ශිරන්ති ගැන විමර්ශන තීරණාත්මක තැනක

ශිරන්ති ගැන විමර්ශන තීරණාත්මක තැනක

හිරේදී ලොක්කන්ට විශේෂයක් නෑ

හිරේදී ලොක්කන්ට විශේෂයක් නෑ

නාමල් යළි රිමාන්ඩ්... ඇප තීන්දුව 29දා

නාමල් යළි රිමාන්ඩ්... ඇප තීන්දුව 29දා

 සතියෙම හුටපට

සතියෙම හුටපට

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

ශිරාන් බාසික්ගේ සල්ලිවලින් ටියුෂන් මාස්ටර් නමින් සුපිරි නිවසක් මිලදී අරන්

ශිරාන් බාසික්ගේ සල්ලිවලින් ටියුෂන් මාස්ටර් නමින් සුපිරි නිවසක් මිලදී අරන්

පිස්තෝලයක් ඉනේ ගහගෙන ස්කූටරයෙන් මත් ඇද්ද ජාවාරමා මාට්ටු

පිස්තෝලයක් ඉනේ ගහගෙන ස්කූටරයෙන් මත් ඇද්ද ජාවාරමා මාට්ටු

බෝම්බ ප්‍රහාරයකින් පාකිස්තානයේ පොලිස් කඳවුරක 17ක් මරුට

බෝම්බ ප්‍රහාරයකින් පාකිස්තානයේ පොලිස් කඳවුරක 17ක් මරුට

සූර්පිට කඩුවක් අරන් ගිරිඋල්ලේ යකා නටලා... SI අත්අඩංගුවට

සූර්පිට කඩුවක් අරන් ගිරිඋල්ලේ යකා නටලා... SI අත්අඩංගුවට

උසාවියෙන් තරු ගැලවූ පොලිස් ලොක්කෝ තිදෙනා තනතුරුවලින් ඉවතට

උසාවියෙන් තරු ගැලවූ පොලිස් ලොක්කෝ තිදෙනා තනතුරුවලින් ඉවතට

පළමු වසරට නොගත් සිසුවා පියාගේ අයිතිවාසිකම් පෙත්සම අතරේ පාසලට අරන්

පළමු වසරට නොගත් සිසුවා පියාගේ අයිතිවාසිකම් පෙත්සම අතරේ පාසලට අරන්

අධිකරණයට අපහාස කළාද ? විමල්ට එරෙහිව පරීක්ෂණයක්

අධිකරණයට අපහාස කළාද ? විමල්ට එරෙහිව පරීක්ෂණයක්

නාමල් 29 තෙක් යළි රිමාන්ඩ්... ඇප ඉල්ලීමට ගොනු කළ කරුණු මෙන්න

නාමල් 29 තෙක් යළි රිමාන්ඩ්... ඇප ඉල්ලීමට ගොනු කළ කරුණු මෙන්න

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ