header logo
Vallibel FD
Selan Bank
උණුසුම් පුවත්
2025දී මෙරට රැකියා නියුක්තිය මිලියන 8 ඉක්මවයි
2025දී මෙරට රැකියා නියුක්තිය මිලියන 8 ඉක්මවයි
Mobitel 1278

පසුගිය 2025 වසර වන විට මෙරට රැකියාවල නියුතු ජනගහනය මිලියන 8 ඉක්මවා ඇතැයි ජන හා සංඛයාලේඛණ දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නවතම වාර්තාවක සඳහන් වේ.

එම දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ එම වාර්තාව අනුව එම වසරේ රැකියාවල නියුතු ජනගහනය 8,079,040ක් බවට සටහන් වී ඇති අතර ඉන් 5,299,777ක් පිරිමි වන අතර 2,779,262ක් කාන්තාවන්ද වේ.

ඒ අනුව රටේ සමස්ත රැකියා නියුක්ති අනුපාතය 96.1%ක් ලෙස සටහන් වන බවද අදාළ වාර්තාව මගින් පෙන්වා දී තිබේ.

එම වසරේ අවුරුදු 15 සහ ඊට වැඩි මෙරට ජනගහනය 17,034,109ක් ලෙස ඇස්තමේන්තු කර ඇති අතර එයින් ශ්‍රම බලකායට අයත් පිරිස 8,408,251ක් වේ. ඒ අනුව ශ්‍රම බලකා සහභාගීත්ව අනුපාතය 49.4%ක් ලෙස සටහන් වී ඇතැයිද එම වාර්තාව මගින් පෙන්වා දී ඇත.

ඉන් පිරිමි ශ්‍රම බලකා සහභාගීත්ව අනුපාතය 69.1%ක් වන අතර කාන්තාවන් අතර එය 32.4%ක් පමණ වන බවද අදාළ වාර්තාව පෙන්වා දෙයි.

මේ අතර වයස අවුරුදු 15 සහ ඊට වැඩි කාන්තාවන් 6,185,730 හෙවත් ලක්ෂ 61.86කට ආසන්න පිරිසක් ශ්‍රම බලකායට අයත් නොවන කාණ්ඩයේ සිටින බවද අදාළ වාර්තාව මගින් අනාවරණය වී තිබේ.

ශ්‍රම බලකායෙන් පිටත සිටින සමස්ත ජනගහනය 8,625,859ක් වන අතර එයින් 71.7%ක් කාන්තාවන් වන අතර එම සංඛ්‍යාව මිලියන 6.2කට ආසන්න බවද මෙමගින් සඳහන් කර ඇත.

කෙසේ වෙතත් මෙම ලක්ෂ 61.9කට ආසන්න ශ්‍රම බලකායට ඇතුළත් නොවන කාන්තාවන් අතරට ගෘහස්ථ කටයුතු, අධ්‍යාපනයේ නිරත අය, විශ්‍රාමික හෝ වයෝවෘද්ධ පුද්ගලයින් සහ සෞඛ්‍ය හේතු මත රැකියාවක් නොකර පිරිස්ද ඇතුළත් වේ.

ආර්ථික වශයෙන් අක්‍රීය කාන්තාවන් අතර 58.1%ක් ගෘහස්ත කටයුතුවල නිරත වීම එයට ප්‍රධාන හේතුව ලෙස සඳහන් වී තිබේ.

එමෙන්ම තවත් 17.8%ක් අධ්‍යාපනයේ නිරත වීම, 16%ක් විශ්‍රාමික හෝ වයෝවෘද්ධ වීම සහ 6.6%ක් අසනීප හෝ ආබාධිත තත්ත්වයන් හේතුවෙන් ශ්‍රම බලකායෙන් පිටත සිටින බවත් අදාළ වාර්තාව මගින් පෙන්වා දී ඇත.

2025 වසරේදී විරැකියාවෙන් සිටි පිරිස ලක්ෂ 3 ඉක්මවයි

2025 වසරේදී මෙරට විරැකියාවෙන් සිටි සමස්ත සංඛ්‍යාව 329,211ක් වන අතර ජාතික විරැකියා අනුපාතය 3.9%ක් ලෙස වාර්තා වී ඇත.

එයින් පිරිමි විරැකියාව 149,931ක් සහ කාන්තා විරැකියාව 179,280ක් ලෙස සටහන් වී ඇති අතර පිරිමි විරැකියා අනුපාතය 2.8%ක් වන විට කාන්තා විරැකියා අනුපාතය 6.1%ක් ලෙසද වාර්තා වී තිබේ.

මේ අතර 2024 4.4%ක් වූ සමස්ත විරැකියා අනුපාතය 2025 වසරේදී 3.9%ක් දක්වා පහළ බැස ඇති අතර කාන්තා විරැකියා අනුපාතයද 2024 වසරේ පැවැති 7.1% සිට 2025 වසරේදී 6.1%ක් දක්වා පහළ ගොස් ඇති බවද අදාළ වාර්තාවේ සඳහන්ව ඇත.

එමෙන්ම තරුණ ජනගහනය අතර විරැකියාව තවදුරටත් සාපේක්ෂව ඉහළ මට්ටමක පවතින බවත් වයස අවුරුදු 15-24ත් අතර තරුණයින්ගේ විරැකියා අනුපාතය 19.5%ක් ලෙසත් එහි සඳහන් වේ.

එහිදී තරුණයින් අතර එය 16.5%ක් සහ තරුණියන් අතර 24.5%ක් ලෙස සටන් වී ඇති අතර වයස අවුරුදු 25-29ත් අතර තරුණියන්ගේ විරැකියා අනුපාතයද 17.1%ක් ලෙස වාර්තා වී තිබේ.

රැකියා නියුක්තිය ආර්ථික අංශ අනුව සලකා බැලීමේදී වැඩිම පිරිසක් සේවය කරන බවට අනාවරණය වී ඇත්තේ සේවා අංශයේ වන අතර ඒ අනුව 2025 වසරේදී සේවා අංශයේ රැකියා සංඛ්‍යාව 4,026,037ක් ලෙස සටහන් වී ඇති අතර එහි ප්‍රතිශතය 49.8%ක් ලෙසට සටහන් වී ඇත.

කර්මාන්ත අංශයේ රැකියා කොටස 26.2%ක් වන අතර කෘෂිකර්ම අංශයේ එය 23.9ක් ලෙසටද සටහන් වී තිබේ.

අදාළ වාර්තාව මගින් තවදුරටත් පෙන්වා දී ඇත්තේ පසුගිය 2024 වසරේදී 48.5%ක් වූ සේවා අංශයේ රැකියා කොටස 2025 වසරේදී 49.8%ක් දක්වා වැඩි වී ඇති බවත් කෘෂිකර්ම අංශයේ කොටස 26% සිට 23.9% දක්වා පහළ ගොස් ඇති බවත්ය.

මේ අතර වැටුප් දත්ත අනුව මාසික වැටුප් ලබන සේවකයෙකුගේ 2025 සාමාන්‍ය දළ මාසික වැටුප රුපියල් 65,325ක් ලෙස ඇස්තමේන්තු කර ඇති අතර ඉන් පිරිමි සේවකයෙකුගේ සාමාන්‍ය දළ මාසික වැටුප රුපියල් 70,942ක් වන අතර කාන්තාවන්ගේ එම අගය රුපියල් 57,867ක් බවද එහි සඳහන් වේ.

එමෙන්ම දෛනික වැටුප් ලබන සේවකයින් සම්බන්ධයෙන් ගත් විට පිරිමින්ගේ සාමාන්‍ය මාසික වැටුප රුපියල් 41,290ක් වන විට කාන්තාවන්ගේ එම අගය රුපියල් 22,640ක් ලෙසද වාර්තා වී තිබේ.

ප්‍රධාන රැකියාවට අමතරව දෙවන රැකියාවකුත්

මේ අතර වාර්තා වනුයේ රැකියාවල නියුතු පුද්ගලයින් 439,839ක් හෙවත් 5.4%ක් සිය ප්‍රධාන රැකිවට අමතරව දෙන රැකියාවකද නිරත වී ඇති බවත් ප්‍රධාන හා දෙවන රැකියා එකතුව ලෙස සැලකූ විට පසුගිය 2025 වසරේදී මුළු රැකියා සංඛ්‍යාව 8,518,878ක් ලෙසද ඇස්තමේන්තුගත කර ඇත.

ඩිජිටල් භාවිතය පිළිබඳවද කරුණු රැසක්

ශ්‍රම වෙළෙඳපොළ දත්තවලට අමතරව අදාළ වාර්තාව මගින් සාක්ෂරතාව හා ඩිජිටල් භාවිතය පිළිබඳවද කරුණු රැසක් අනාවරණය කර තිබේ.

ඒ අනුව 2025දී වයස අවුරුදු 10 සහ ඊට වැඩි මෙරට ජනගහනයේ සාක්ෂරතා අනුපාතය 93.3%ක් වන අතර නගර ප්‍රදේශවල එය 96.3%ක් ලෙසත් ග්‍රාමීය ප්‍රදේශවල 93.2%ක් සහ වතු ප්‍රදේශවල 82.7%ක් ලෙසත් වාර්තා වී ඇත.

එමෙන්ම ජාතික පරිගණක සාක්ෂරතා අනුපාතය 2025 වසරේදී 39.2%ක් වන අතර එය පසුගිය 2024 වසරේදී වාර්තා වූ 35.9%කට වඩා ඉහළ අගයක් ගන්නා බවත් සඳහන් කර ඇති අදාළ වාර්තාව මගින් තවදුරටත් අනාවරණය කර ඇත්තේ පිරිමි පරිගණක සාක්ෂරතාව 40.5%ක් සහ කාන්තාවන් අතර එය 38%ක් බවත්ය.

තවද මෙරට ඩිජිටල් සාක්ෂරතා අනුපාතය 72%ක් වන අතර වයස අවුරුදු 5-69ත් අතර ජනගහනයෙන් 62.4%ක් පසුගිය 2025 වසරේදී අන්තර්ජාලය භාවිත කර ඇති බවත් වාර්තාව මගින් පෙන්වා දී තිබේ.

එමෙන්ම පසුගිය 2023 වසරේදී 51.2%ක් වූ අන්තර්ජාල භාවිතය 2024 වසරේදී 54.6%ක් දක්වාත් 2025 වසරේදී 62.4% දක්වාත් වර්ධනය වී ඇතැයිද අදාළ වාර්තාව මගින් වැඩිදුරටත් පෙන්වා දී ඇත.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
🔴NEWS ALERT🚨| මහවැලි ගඟ අවට පහත් බිම්වලට මහ ගංවතුර අවදානමක් | Ada Derana

🔴NEWS ALERT🚨| මහවැලි ගඟ අවට පහත් බිම්වලට මහ ගංවතුර අවදානමක් | Ada Derana

හානිවූ හෙල්ල ගැන ජපන් යන්න  කලින් කතාකරපු රුමේෂ්

හානිවූ හෙල්ල ගැන ජපන් යන්න කලින් කතාකරපු රුමේෂ්

 බන්ධනාගාර නිලධාරීන් විසිරයෑමේ උත්සවයට අඟුණකොළපැලැස්සට ගිය අධිකරණ ඇමති

බන්ධනාගාර නිලධාරීන් විසිරයෑමේ උත්සවයට අඟුණකොළපැලැස්සට ගිය අධිකරණ ඇමති

 ගාල්ලට තද වැසි සහ ලොකු සුළඟක්

ගාල්ලට තද වැසි සහ ලොකු සුළඟක්

ගාල්ලේ ඉදිකිරීමට නියමිත නව පොලිස් ස්ථානය පොලිස්පතිගේ නිරීක්ෂණයට

ගාල්ලේ ඉදිකිරීමට නියමිත නව පොලිස් ස්ථානය පොලිස්පතිගේ නිරීක්ෂණයට

ආසන පටි නීතියට අවනත වුණු රියදුරෝ - ''මගී ආරක්ෂාව ගැන හිතන එක හොඳයි'' | Ada Derana

ආසන පටි නීතියට අවනත වුණු රියදුරෝ - ''මගී ආරක්ෂාව ගැන හිතන එක හොඳයි'' | Ada Derana

CNN ඇතුළු මාධ්‍ය 03කට ධවල මන්දිරය තහනම්.. සෙසු මාධ්‍යටත් රතු එළි | Ada Derana

CNN ඇතුළු මාධ්‍ය 03කට ධවල මන්දිරය තහනම්.. සෙසු මාධ්‍යටත් රතු එළි | Ada Derana

ආසියානු ක්‍රීඩා උලෙළ ජපානයේදී අද ඇරඹෙයි - ශ්‍රී ලංකාවෙන් 150ක් | Ada Derana

ආසියානු ක්‍රීඩා උලෙළ ජපානයේදී අද ඇරඹෙයි - ශ්‍රී ලංකාවෙන් 150ක් | Ada Derana

අභාවයට යන බෙර කර්මාන්තය - ''අපිට ගස් කපලා ගේන්න බෑ..පොලිසියෙන් අල්ලනවා'' | Ada Derana

අභාවයට යන බෙර කර්මාන්තය - ''අපිට ගස් කපලා ගේන්න බෑ..පොලිසියෙන් අල්ලනවා'' | Ada Derana

රනිල් කියන ථේරවාදී වෙළෙඳ ආර්ථිකය | Ada Derana

රනිල් කියන ථේරවාදී වෙළෙඳ ආර්ථිකය | Ada Derana

''මේක මුළු රටම ජවිපෙ ආණ්ඩුවේ සදාකාලික වහලුන් කරන උත්සාහයක්'' | Ada Derana

''මේක මුළු රටම ජවිපෙ ආණ්ඩුවේ සදාකාලික වහලුන් කරන උත්සාහයක්'' | Ada Derana

 යාපනයේදී මහමග ඇද වැටී මිය ගිය තරුණයා.....

යාපනයේදී මහමග ඇද වැටී මිය ගිය තරුණයා.....

මාළු අල්ලන්න මිල්ලත්ත ඇලට ගිය පාසල් සිසුවා දියේ ගිලී අතුරුදන්

මාළු අල්ලන්න මිල්ලත්ත ඇලට ගිය පාසල් සිසුවා දියේ ගිලී අතුරුදන්

 අනෝජන් වෙනුවෙන් පෙරට ආ මනෝ....

අනෝජන් වෙනුවෙන් පෙරට ආ මනෝ....

ලොවම වසඟයට ගත් රාවණා ඇල්ලේ සුන්දර දර්ශන පථය වැසූ පොලිස් බෝඩ් එක

ලොවම වසඟයට ගත් රාවණා ඇල්ලේ සුන්දර දර්ශන පථය වැසූ පොලිස් බෝඩ් එක

Lassana Flora
Spotlight
විදෙස් සමාගම් තුනේ ඉන්ධන ගැටලුව රාජ්‍යතාන්ත්‍රික අර්බුදයකට

විදෙස් සමාගම් තුනේ ඉන්ධන ගැටලුව රාජ්‍යතාන්ත්‍රික අර්බුදයකට

ශිරන්ති ගැන විමර්ශන තීරණාත්මක තැනක

ශිරන්ති ගැන විමර්ශන තීරණාත්මක තැනක

හිරේදී ලොක්කන්ට විශේෂයක් නෑ

හිරේදී ලොක්කන්ට විශේෂයක් නෑ

නාමල් යළි රිමාන්ඩ්... ඇප තීන්දුව 29දා

නාමල් යළි රිමාන්ඩ්... ඇප තීන්දුව 29දා

 සතියෙම හුටපට

සතියෙම හුටපට

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

ශිරාන් බාසික්ගේ සල්ලිවලින් ටියුෂන් මාස්ටර් නමින් සුපිරි නිවසක් මිලදී අරන්

ශිරාන් බාසික්ගේ සල්ලිවලින් ටියුෂන් මාස්ටර් නමින් සුපිරි නිවසක් මිලදී අරන්

පිස්තෝලයක් ඉනේ ගහගෙන ස්කූටරයෙන් මත් ඇද්ද ජාවාරමා මාට්ටු

පිස්තෝලයක් ඉනේ ගහගෙන ස්කූටරයෙන් මත් ඇද්ද ජාවාරමා මාට්ටු

බෝම්බ ප්‍රහාරයකින් පාකිස්තානයේ පොලිස් කඳවුරක 17ක් මරුට

බෝම්බ ප්‍රහාරයකින් පාකිස්තානයේ පොලිස් කඳවුරක 17ක් මරුට

සූර්පිට කඩුවක් අරන් ගිරිඋල්ලේ යකා නටලා... SI අත්අඩංගුවට

සූර්පිට කඩුවක් අරන් ගිරිඋල්ලේ යකා නටලා... SI අත්අඩංගුවට

උසාවියෙන් තරු ගැලවූ පොලිස් ලොක්කෝ තිදෙනා තනතුරුවලින් ඉවතට

උසාවියෙන් තරු ගැලවූ පොලිස් ලොක්කෝ තිදෙනා තනතුරුවලින් ඉවතට

පළමු වසරට නොගත් සිසුවා පියාගේ අයිතිවාසිකම් පෙත්සම අතරේ පාසලට අරන්

පළමු වසරට නොගත් සිසුවා පියාගේ අයිතිවාසිකම් පෙත්සම අතරේ පාසලට අරන්

අධිකරණයට අපහාස කළාද ? විමල්ට එරෙහිව පරීක්ෂණයක්

අධිකරණයට අපහාස කළාද ? විමල්ට එරෙහිව පරීක්ෂණයක්

නාමල් 29 තෙක් යළි රිමාන්ඩ්... ඇප ඉල්ලීමට ගොනු කළ කරුණු මෙන්න

නාමල් 29 තෙක් යළි රිමාන්ඩ්... ඇප ඉල්ලීමට ගොනු කළ කරුණු මෙන්න

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ