
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැති තෙවන සහ අවසන් විස්සයි20 ක්‍රිකට් තරගයෙන් කඩුලු 8ක විශිෂ්ට ජයක් හිමිකර ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත් විය.
මෙම ජයග්‍රහණයත් සමගින් දෙරට අතර පැවැති විස්සයි20 තරගාවලිය 3-0ක් ලෙස තරගාවලි ජයක් වාර්තා කිරීමට එංගලන්තය සමත් විය.
තරගයේ කාසිය වාසිය දිනාගත් එංගලන්ත කණ්ඩායමේ ඇරයුමෙන් ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 18.5කදී සියලු දෙනා දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 124ක් පමණි.
ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් පැතුම් නිස්සංක ලකුණු 36ක්ද, කමිඳු මෙන්ඩිස් ලකුණු 35ක්ද ලබා ගැනීමට සමත් වූහ.
ලකුණු 125ක ඉලක්කයක් හඹාගිය එංගලන්ත කණ්ඩායම පන්දුවාර 9.4කදී කඩුලු 2ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසුකර ගියේය.
එංගලන්ත ඉනිම වෙනුවෙන් නායක Jos Buttler පන්දු 31කදී හයේ පහර 5ක් සහ හතරේ පහර 4ක් සමගින් නොදැවී ලකුණු 62ක් රැස් කළ අතර, Harry Brook පන්දු 11කදී ලකුණු 33ක් නොදැවී ලබා ගනිමින් කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියේය.
ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දු යැවීමේදී තරිඳු රත්නායක ලකුණු 28කට එක් කඩුල්ලක් දවා ගැනීමට සමත් විය.



















































