
එංගලන්තය හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තෙවැනි සහ අවසන් විස්සයි20 ක්‍රිකට් තරගයේදී ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 18.5ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 124ක් රැස් කිරීමට සමත් විය.
තරගයේ කාසියේ වාසිය දිනාගත් එංගලන්ත නායකයා ප්‍රථමයෙන් පන්දු රැකීමට තීරණය කළේය.
ඒ අනුව පන්දුවට පහරදීමට පිටියට පිවිසි පැතුම් නිශ්ශංක පන්දු 24කදී හයේ පහර 3ක් සහ හතරේ පහර 2ක් සමගින් ලකුණු 36ක් රැස් කළේය.
එමෙන්ම කමිඳු මෙන්ඩිස් පන්දු 28කදී හයේ පහර 2ක් සහ හතරේ පහර 3ක් සමගින් ලකුණු 35ක් ලබා ගත්තේය.
නායක චරිත් අසලංක පන්දු 14කදී ලකුණු 16ක් ද, දසුන් ශානක පන්දු 13කදී ලකුණු 12ක් ද රැස් කළහ.
ලහිරු උදාර ලකුණු 10කට දැවී ගිය අතර අනෙක් කිසිදු පිතිකරුවෙකුට ලකුණු 10 සීමාව පසුකිරීමට එංගලන්ත පන්දු යවන්නන් ඉඩ ලබා නොදුන්නේය.
එංගලන්ත කණ්ඩායම වෙනුවෙන් Jamie Overton සිය පන්දුවාර 4තුලදී ලකුණු 15කට එක් කඩුල්ලක් දවා ගත්තේය.
ඊට අමතරව Sonny Baker ලකුණු 17කට කඩුලු 2 ක් ද, Jofra Archer ලකුණු 23කට කඩුලු 2 ක් සහ Will Jacks ලකුණු 31කට කඩුලු 2 ක් බැගින් දවා ගනිමින් ශ්‍රී ලංකා ඉනිම ලකුණු 124කට සීමා කළේය.
ඒ අනුව ජයග්‍රහණය සඳහා එංගලන්ත කණ්ඩායමට හිමිවී ඇති ඉලක්කය ලකුණු 125කි.



















































