
අන්තර්ජාලය හරහා මුදල් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළව බටුවත්ත ප්‍රදේශයේ පදිංචි සැකකාරියක් අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකාරිය විසින් ටෙලිග්‍රෑම් සමූහයක් හරහා මෙම ජාවාරම සිදුකිරීමට අනුබල දී ඇති බවට චෝදනා එල්ලවී ඇති අතර අන්තර්ජාල ව්‍යාපාරයක් මගින් මුදල් ඉපැයිය හැකි බවට පවසා බැරකරවා ගන්නා ලද මුදල් රුපියල් 542,877ක මුදලින් රුපියල් 66,999ක මුදලක් වංචා කර ඇති බවට අනාවරණය වී ඇත.
ඒ අනුව ඊයේ (18) උදෑසන සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇති අතර ඇය 38 හැවිරිදි බටුවත්ත ප්‍රදේශයේ පදිංචිකාරියකි.
අන්තර්ජාලය හරහා සිදුකරන ලද මුදල් වංචාවක් සම්බන්ධයෙන් 2024.02.10 වන දින කරන ලද පැමිණිල්ලක් මත පරිගණක අපරාධ විමර්ශන අංශයේ වයඹ පළාත් ඒකකය මගින් මෙම විමර්ශනය ආරම්භ කර තිබුණි.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.
















































