header logo
Vallibel FD
Selan Bank
ක්‍රීඩා
ශ්‍රී ලංකා කණ්ඩායමේ පරාජය සංගා හා නසාර්ටත් දැනෙයි
ශ්‍රී ලංකා කණ්ඩායමේ පරාජය සංගා හා නසාර්ටත් දැනෙයි
Mobitel 1278

වත්මන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම, වසර ගණනාවකට පෙර සිටි කණ්ඩායමට වඩා බොහෝ ඈතින් සිටින බව එංගලන්ත හිටපු නායක නසාර් හුසේන් පවසයි.

ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර කාඩිෆ්හිදී පැවති දෙවන විස්සයි20 තරගයෙන් අනතුරුව 'SKY Sports'සමග තරග පිළිබඳ පැවති  විශ්ලේෂණයේදී ඔහු මේ බව සඳහන් කළේය.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා හිටපු නායක කුමාර් සංගක්කාරද එක්ව සිටි අතර, හෙතෙම පවසා සිටියේ ශ්‍රී ලංකාවට වඩා එංගලන්තය කැපී පෙනෙන ලෙස ඉදිරියෙන් සිටි බවය.

මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ නසාර් හුසේන්,

"මම වසර ගණනාවක් තිස්සේ දැක්ක ශ්‍රී ලංකා කණ්ඩායමට වඩා වර්තමාන කණ්ඩායම බොහෝ ඈතින් ඉන්නේ. ඒක අතිවිශාල කඩා වැටීමක්.

ඉතා හොඳ තණතීරුවල පවා ඔවුන් අපරික්ෂාකාරී පහරවල් එල්ල කරනවා. පසුගිය තරගයේදී වගේම අපි මේ තරගයේදීත් ඒක දැක්කා.

පන්දුවේ වේගය වැඩි වුණ ගමන් ඔවුන්ගේ පහරදීමේ ශෛලිය දුර්වල වෙනවා. කුමන ආකාරයකින් බැලුවත් එංගලන්තය හමුවේ ශ්‍රී ලංකාව මේ තරගයේදීත් පූර්ණ ලෙස පරාජය වුණා.

මේ තරගයේ ශ්‍රී ලංකා ඉනිමේදී නිලකුණු පන්දු 50ක්. පහුගිය තරගයේදීත් නිලකුණු පන්දු 60ක්. එංගලන්තය හයේ පහර 10ක් එල්ලකරද්දී ශ්‍රී ලංකාව එල්ලකළේ හයේ පහර 2ක් පමණයි.

පුහුණුකරු හෝ කවුරු හෝ මේ දත්ත දිහා බලල කතා කළොත් තේරෙනවා, එංගලන්තය වගේ කණ්ඩායමක් එකක් ක්‍රීඩා කරද්දී අඩුම තරමේ ඔවුන්ගේ දක්ෂතා ආසන්නයටවත් පැමිණිය යුතුයි කියලා.

නමුත් ශ්‍රී ලංකා කණ්ඩායම එංගලන්තයට වඩා බොහෝ දුරින් ඉන්නේ" යැයි පැවසීය.

මෙහිදී නසාර්ගේ අදහස් අනුමත කළ කුමාර් සංගක්කාර,

ඔව් ඒක ඇත්ත. ඔවුන් ක්‍රීඩාංගණයේදී ඒක පෙන්නුවා.

චරිත් අසලංක කිව්වා ඔවුන්ට අවශ්‍ය විස්සයි20 කණ්ඩායම වගේ  ක්‍රීඩා විලාශයක් නෙමෙයි ඔවුන් පෙන්නුම් කළේ කියලා.

එංගලන්තය වගේ ප්‍රබල කණ්ඩායමක් එක්ක ක්‍රීඩා කරද්දි ඒ වෙනස ඉතා හොඳින් පේනවා. ශ්‍රී ලංකා කණ්ඩාමට වඩා එංගලන්ත කණ්ඩායම කැපී පෙනෙන විදිහට ඉදිරියෙන් සිටියා.

ශ්‍රී ලංකාව කණ්ඩායමක් විදිහට තීරණ ගැනීමේදී යම් ස්ථාවරත්වයක් පෙන්නුම් කළ යුතුයි.

මිෂාරව මේ තරගයේදී අංක තුන ස්ථානයේ ක්‍රීඩා කෙරෙව්වා. ශ්‍රී ලංකා කණ්ඩායමේ හොඳම දඟපන්දු යවන්නා වන තීක්ෂණව විකල්ප දඟපන්දු යවන්නෙක් එක්ක මාරු කරලා තිබුණා.

සමහර විට දකුණත් ක්‍රීඩකයෝ විතරක් ඉන්න එක ගැන හිතල එහෙම කරා වෙන්නත් පුළුවන්. කණ්ඩායමක් වුණාම තමන්ගේ හොඳම ක්‍රීඩකයින් ගැන විශ්වාසය තැබිය යුතුයි.

තමන්ගේ ක්‍රීඩකයින්ව හරියාකාරව හඳුනගෙන, ඔවුන් ගැන විශ්වාසය තියලා, ඔවුන්ගේ දියුණු කළ යුතු අංශ ගැන අවබෝධ කරගත යුතුයි.

ශාරීරික යෝග්‍යතාව ඉතාමත් වැදගත්. ශ්‍රී ලංකා කණ්ඩායමට ශාරීරික යෝග්‍යතාව ගැන හුඟක් දේවල් කරන්න වෙනවා. පවර් එක ගැන වගේම කුසලතාව ගැනත් සැලකිලිමත් විය යුතුයි.

නසාර් කිව්ව වගේ දක්ෂ ලෙස පන්දුවට පහරදුන්නට වැඩක් නැහැ, පන්දුවට පහරදීම හරියාකාරව කළේ නැත්නම්. ඒ වගේ ක්‍රිකට් ක්‍රිඩාවේ මූලික සිද්ධාන්ත ගැනත් හිතන්න ඕන.

පන්දු යැවීම සැලසුම් සහගතව සිදුකළ යුතුයි. තරගය කියවා ගැනීම වගේම, පන්දු රකින්නන් නිවැරදිව ස්ථානගත කිරිමත් කරන්න ඕන.

ශ්‍රී ලංකා කණ්ඩායමට තව බොහෝ දේවල් කරන්න තියෙනවා. අපේ ක්‍රීඩකයින්ට කුසලතාව තියෙනවා. ඒත් අපි ඉතා ඉක්මනින් එම හැකියාව ජයග්‍රාහී ප්‍රතිඵල ලබාදෙන විදිහට පරිවර්තනය කරගත යුතුයි" යැයි පැවසීය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 මම පාර්ලිමේන්තුවේ නෑනේ...රට භාරගන්න මට බෑ

මම පාර්ලිමේන්තුවේ නෑනේ...රට භාරගන්න මට බෑ

අදත් ක්‍රියාත්මක දුම්රිය වර්ජනය - පිරිසක් වැඩ, පිරිසක් ගෙදර | Ada Derana

අදත් ක්‍රියාත්මක දුම්රිය වර්ජනය - පිරිසක් වැඩ, පිරිසක් ගෙදර | Ada Derana

යළි රිමාන්ඩ් භාරයට පත් වූ නාමල් අධිකරණයෙන් වැලිකඩට රැගෙන ගිය හැටි

යළි රිමාන්ඩ් භාරයට පත් වූ නාමල් අධිකරණයෙන් වැලිකඩට රැගෙන ගිය හැටි

''ළමයාව පන්තියෙන් ගන්න ගිය ඔයාට මෙහෙම වෙයි කියලා හිතුවේ නැහැනේ'' | Ada Derana

''ළමයාව පන්තියෙන් ගන්න ගිය ඔයාට මෙහෙම වෙයි කියලා හිතුවේ නැහැනේ'' | Ada Derana

එක මිටට එකතු වුණ විපක්ෂය"අරගලයට හොඳම පාට කළු..පොල්පොට්වාදී පාලනයකට තමයි යන්නේ"| Ada Derana

එක මිටට එකතු වුණ විපක්ෂය"අරගලයට හොඳම පාට කළු..පොල්පොට්වාදී පාලනයකට තමයි යන්නේ"| Ada Derana

ගල්කිස්ස හැඩ කරන්න ගත්ත දැඩි තීරණය "ඉදිකිරීම් 27ක් ඉවත් කරනවා"| Ada Derana

ගල්කිස්ස හැඩ කරන්න ගත්ත දැඩි තීරණය "ඉදිකිරීම් 27ක් ඉවත් කරනවා"| Ada Derana

 වැරදුණු අලි මන්තරේ

වැරදුණු අලි මන්තරේ

දරු දෙදෙනෙකුට මරු කැඳවූ අත්බෝම්බ ප්‍රහාරය... සැකකරු පොලිසියේදී අපරාධය වමාරයි

දරු දෙදෙනෙකුට මරු කැඳවූ අත්බෝම්බ ප්‍රහාරය... සැකකරු පොලිසියේදී අපරාධය වමාරයි

දෙමටගොඩ රත්කළ කළු පාලම යට වෙඩිතැබීම...වෙඩික්කරුවන් පැමිණි අයුරු CCTV කැමරාවේ

දෙමටගොඩ රත්කළ කළු පාලම යට වෙඩිතැබීම...වෙඩික්කරුවන් පැමිණි අයුරු CCTV කැමරාවේ

අනාගත පරපුර රැකගන්න ජනපති දරන උත්සාහය...

අනාගත පරපුර රැකගන්න ජනපති දරන උත්සාහය...

අඩු මිලට විකුණන නිසා තෙල් බෙදාහැරීම් සීමාකිරීමට විදෙස් සමාගම් සැරසෙයි

අඩු මිලට විකුණන නිසා තෙල් බෙදාහැරීම් සීමාකිරීමට විදෙස් සමාගම් සැරසෙයි

IMF නියෝජිත පිරිස  ජනපති හමුවෙයි

IMF නියෝජිත පිරිස ජනපති හමුවෙයි

විනිසුරුවරුන්ගේ වැටුප්වලින් බදු අය කළ හැකියි... - ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්

විනිසුරුවරුන්ගේ වැටුප්වලින් බදු අය කළ හැකියි... - ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්

දුම්රිය වර්ජනයෙන් විදෙස් සංචාරකයෝ අසරණයි - වෘත්තීය සමිති ආණ්ඩුවට සැරවෙයි

දුම්රිය වර්ජනයෙන් විදෙස් සංචාරකයෝ අසරණයි - වෘත්තීය සමිති ආණ්ඩුවට සැරවෙයි

එදිරිවාදිකම් පසෙකලා එක ළඟ හිඳගත් රනිල් - සජිත්.."අද අපි එකට එකතු වෙනවා"

එදිරිවාදිකම් පසෙකලා එක ළඟ හිඳගත් රනිල් - සජිත්.."අද අපි එකට එකතු වෙනවා"

Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

රස්සා නැති කතුන් ලක්ෂ 62ක් ගෙවල්වල

රස්සා නැති කතුන් ලක්ෂ 62ක් ගෙවල්වල

කෝටි සියයක මත්ද්‍රව්‍ය සමග 2017දී ඇල්ලූ  දෙහිවල ව්‍යාපාරිකයාට මරණ දඬුවම

කෝටි සියයක මත්ද්‍රව්‍ය සමග 2017දී ඇල්ලූ දෙහිවල ව්‍යාපාරිකයාට මරණ දඬුවම

කැබිනට් තීන්දු 107ක්  මාලිමා ප්‍රතිපත්තිවලට අදාළ නෑ  PAFFREL වාර්තාවෙන් කියයි

කැබිනට් තීන්දු 107ක් මාලිමා ප්‍රතිපත්තිවලට අදාළ නෑ PAFFREL වාර්තාවෙන් කියයි

අමෙරිකාවෙන් ඉන්දියාවට 100%ක තීරුබදු තර්ජනයක්

අමෙරිකාවෙන් ඉන්දියාවට 100%ක තීරුබදු තර්ජනයක්

බාරයක් ඔප්පු කරන්න අනුරපුරේ යන්න ගිය රේණුකා - ශ්‍රියානි දුම්රියට බිලි

බාරයක් ඔප්පු කරන්න අනුරපුරේ යන්න ගිය රේණුකා - ශ්‍රියානි දුම්රියට බිලි

රනිල් - සජිත් අද කොළඹදී හමුවෙති

රනිල් - සජිත් අද කොළඹදී හමුවෙති

පාස්කු දා ප්‍රහාරය : දේශපාලන අරමුණින් රවීට ශානිට බොරු පැමිණිලි දාලා

පාස්කු දා ප්‍රහාරය : දේශපාලන අරමුණින් රවීට ශානිට බොරු පැමිණිලි දාලා

දරු දෙදෙනෙකු මැරූ දෙහිවල ඝාතකයෝ දැලේ

දරු දෙදෙනෙකු මැරූ දෙහිවල ඝාතකයෝ දැලේ

ඕලුගලගේ උපාය දූතයාට ශොට්එක දෙන්න කොන්‍ත්‍රාත්තුව කෝටි 1 1/2ක්

ඕලුගලගේ උපාය දූතයාට ශොට්එක දෙන්න කොන්‍ත්‍රාත්තුව කෝටි 1 1/2ක්

පුෂ්පිකාගේ කිරුළ ගැලවූ සිද්ධිය : කැරොලයින් ජූරි හා චූලා නිදොස්කොට නිදහස් | Ada Derana

පුෂ්පිකාගේ කිරුළ ගැලවූ සිද්ධිය : කැරොලයින් ජූරි හා චූලා නිදොස්කොට නිදහස් | Ada Derana

නීතිපති උපදෙස් මත නාමල්  සැකකරුවෙකු ලෙස නම් කෙරේ | Ada Derana

නීතිපති උපදෙස් මත නාමල් සැකකරුවෙකු ලෙස නම් කෙරේ | Ada Derana

තාර හිඟයක් - මාර්ග සංවර්ධන අධිකාරිය | Ada Derana

තාර හිඟයක් - මාර්ග සංවර්ධන අධිකාරිය | Ada Derana

දුම්රිය වර්ජනය ස්ථිරයි - සමිති 26ක් ප්‍රවාහන ලේකම්ට කියයි | Ada Derana

දුම්රිය වර්ජනය ස්ථිරයි - සමිති 26ක් ප්‍රවාහන ලේකම්ට කියයි | Ada Derana

 මේ මස අවසානයේ තෙල් මිලේ වෙනසක්

මේ මස අවසානයේ තෙල් මිලේ වෙනසක්