header logo
Vallibel FD
Selan Bank
උණුසුම් පුවත්
දිය ජනනි පාවෙන සූර්ය විදුලි බලාගාරය ජාතික විදුලිබල පද්ධතියට එක් කෙරේ
දිය ජනනි පාවෙන සූර්ය විදුලි බලාගාරය ජාතික විදුලිබල පද්ධතියට එක් කෙරේ
Mobitel 1278

දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගාරය ජාතික විදුලිබල පද්ධතියට එක් කිරීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (18) පස්වරුවේ සිදු විය.

මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලබන්නේ, පුනර්ජනනීය බලශක්තිය උපයෝගීකර ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේය.

අක්කර 10.5ක ප්‍රමාණයක ඉදිකර ඇති මෙම සූර්ය විදුලි බලාගාරයෙන් වාර්ෂිකව නිවාස 7,500ක පමණ විදුලි සැපයුම් සපුරන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේය.

වාර්ෂික කාබන් ඩයොක්සයිඩ්  විමෝචනය මෙට්‍රික් ටොන් 6440කින් පමණ අවම කර ගැනීමට මෙයින් හැකියාව ලැබෙන අතර වාර්ෂිකව ඩීසල් මගින් විදුලි උත්පාදනයට වැයවන ලීටර් මිලියන 2.5ක් ඉතිරි කරන අතර, එමගින් වාර්ෂිකව විදේශ මුදල් ඩොලර් මිලියන 3ක් මෙරටට ඉතිරි කෙරේ.

දිය ජනනි පුද්ගලික සමාගම විසින් ඉදිකරන ලද මෙම ව්‍යාපෘතිය සම්පූර්ණයෙන් දේශීය ඉංජිනේරුවන් සහ තාක්ෂණ ශිල්පීන්ගේ සහාය ලබා ගනිමින් ඉදිකර තිබීම විශේෂත්වයකි.

ඉදිකිරීම් කාලය තුළ ප්‍රදේශයේ ජනතාව අතරින් පුද්ගලයින් 150 දෙනෙකුට පමණ රැකියා අවස්ථා හිමි වූ බව සඳහන්ය.‍

සමරු ඵලකය නිරාවරණය කර “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගාරය ජාතික විදුලි බල පද්ධතියට සම්බන්ධ කිරීමේ අවස්ථාවට එක් වූ ජනාධිපතිවරයා  පාලක මැදිරිය වෙත පැමිණ එහි කටයුතු ද නිරීක්ෂණය කළේය.

මෙම ව්‍යාපෘතිය යටතේ ප්‍රජා සත්කාර රැසක් ක්‍රියාත්මක කිරීමද මෙහිදී සිදු වූ අතර ජනාධිපතිවරයා සංකේතාත්මකව එම අවස්ථාවලටද එක් විය.

ඒ අනුව ශ්‍රි විවේකාරාම විහාරස්ථානය සඳහා ජෙනරේටරයක් සහ ධර්ම ශාලාවේ වැඩකටයුතු සඳහා රුපියල් 800,000ක මූල්‍ය පරිත්‍යාගයක් සිදු කිරීම, ධීවර ප්‍රජාවගේ මඩ පොකුණු සාදා ගැනීම සහ ධීවර ආම්පන්න මිලදී ගැනීම සඳහා රුපියල් 2,000,000ක මූල්‍ය ප්‍රදානයක් කිරීම, ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ හරිත උද්‍යානයක් නිර්මාණය කිරීම සඳහා රුපියල් 1,000,000ක මූල්‍ය පරිත්‍යාගයක් සිදු කිරීම, ආනකටාව ප්‍රාථමික විදුහලේ ඉගෙනුම ලබන සියලුම සිසුන්ට වසරකට අවශ්‍ය පාසල් උපකරණ සහ අනෙකුත් ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා රුපියල් 800,000ක මුදලක් පරිත්‍යාග කිරීම, වීර මොහාන් ජයමහ විද්‍යාලය සහ ජල ව්‍යාපෘතියක් සිදුකිරීම සඳහා රුපියල් 400,000ක මූල්‍ය පරිත්‍යාගයක් කිරීම ඇතුළු පරිත්‍යාග රැසක් සිදු කෙරිණි.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
හතර වටේටම කියපු නිපුණ ආරච්චි....අර්ච්චුනාවත් මතක් කරයි"අපි කලින්ම කිව්වා කෙඳිරිගාන්න එපා කියලා"

හතර වටේටම කියපු නිපුණ ආරච්චි....අර්ච්චුනාවත් මතක් කරයි"අපි කලින්ම කිව්වා කෙඳිරිගාන්න එපා කියලා"

බලෙන් ඉඩම් ඇල්ලු අයට‍ පොලිස් ඇමති සැරවෙයි "කිසිදු ඉඩමක් අවභාවිතා කරන්න දෙන්නෑ"

බලෙන් ඉඩම් ඇල්ලු අයට‍ පොලිස් ඇමති සැරවෙයි "කිසිදු ඉඩමක් අවභාවිතා කරන්න දෙන්නෑ"

 දුම්රිය වර්ජනය අසාර්ථක කළ හැටි කියපු නි.ඇමති.."දෛනික ගමන්වාර 256න් 187ක් ධාවනය කළා"

දුම්රිය වර්ජනය අසාර්ථක කළ හැටි කියපු නි.ඇමති.."දෛනික ගමන්වාර 256න් 187ක් ධාවනය කළා"

 මම පාර්ලිමේන්තුවේ නෑනේ...රට භාරගන්න මට බෑ

මම පාර්ලිමේන්තුවේ නෑනේ...රට භාරගන්න මට බෑ

අදත් ක්‍රියාත්මක දුම්රිය වර්ජනය - පිරිසක් වැඩ, පිරිසක් ගෙදර | Ada Derana

අදත් ක්‍රියාත්මක දුම්රිය වර්ජනය - පිරිසක් වැඩ, පිරිසක් ගෙදර | Ada Derana

යළි රිමාන්ඩ් භාරයට පත් වූ නාමල් අධිකරණයෙන් වැලිකඩට රැගෙන ගිය හැටි

යළි රිමාන්ඩ් භාරයට පත් වූ නාමල් අධිකරණයෙන් වැලිකඩට රැගෙන ගිය හැටි

''ළමයාව පන්තියෙන් ගන්න ගිය ඔයාට මෙහෙම වෙයි කියලා හිතුවේ නැහැනේ'' | Ada Derana

''ළමයාව පන්තියෙන් ගන්න ගිය ඔයාට මෙහෙම වෙයි කියලා හිතුවේ නැහැනේ'' | Ada Derana

එක මිටට එකතු වුණ විපක්ෂය"අරගලයට හොඳම පාට කළු..පොල්පොට්වාදී පාලනයකට තමයි යන්නේ"| Ada Derana

එක මිටට එකතු වුණ විපක්ෂය"අරගලයට හොඳම පාට කළු..පොල්පොට්වාදී පාලනයකට තමයි යන්නේ"| Ada Derana

ගල්කිස්ස හැඩ කරන්න ගත්ත දැඩි තීරණය "ඉදිකිරීම් 27ක් ඉවත් කරනවා"| Ada Derana

ගල්කිස්ස හැඩ කරන්න ගත්ත දැඩි තීරණය "ඉදිකිරීම් 27ක් ඉවත් කරනවා"| Ada Derana

 වැරදුණු අලි මන්තරේ

වැරදුණු අලි මන්තරේ

දරු දෙදෙනෙකුට මරු කැඳවූ අත්බෝම්බ ප්‍රහාරය... සැකකරු පොලිසියේදී අපරාධය වමාරයි

දරු දෙදෙනෙකුට මරු කැඳවූ අත්බෝම්බ ප්‍රහාරය... සැකකරු පොලිසියේදී අපරාධය වමාරයි

දෙමටගොඩ රත්කළ කළු පාලම යට වෙඩිතැබීම...වෙඩික්කරුවන් පැමිණි අයුරු CCTV කැමරාවේ

දෙමටගොඩ රත්කළ කළු පාලම යට වෙඩිතැබීම...වෙඩික්කරුවන් පැමිණි අයුරු CCTV කැමරාවේ

අනාගත පරපුර රැකගන්න ජනපති දරන උත්සාහය...

අනාගත පරපුර රැකගන්න ජනපති දරන උත්සාහය...

අඩු මිලට විකුණන නිසා තෙල් බෙදාහැරීම් සීමාකිරීමට විදෙස් සමාගම් සැරසෙයි

අඩු මිලට විකුණන නිසා තෙල් බෙදාහැරීම් සීමාකිරීමට විදෙස් සමාගම් සැරසෙයි

IMF නියෝජිත පිරිස  ජනපති හමුවෙයි

IMF නියෝජිත පිරිස ජනපති හමුවෙයි

Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

රස්සා නැති කතුන් ලක්ෂ 62ක් ගෙවල්වල

රස්සා නැති කතුන් ලක්ෂ 62ක් ගෙවල්වල

කෝටි සියයක මත්ද්‍රව්‍ය සමග 2017දී ඇල්ලූ  දෙහිවල ව්‍යාපාරිකයාට මරණ දඬුවම

කෝටි සියයක මත්ද්‍රව්‍ය සමග 2017දී ඇල්ලූ දෙහිවල ව්‍යාපාරිකයාට මරණ දඬුවම

කැබිනට් තීන්දු 107ක්  මාලිමා ප්‍රතිපත්තිවලට අදාළ නෑ  PAFFREL වාර්තාවෙන් කියයි

කැබිනට් තීන්දු 107ක් මාලිමා ප්‍රතිපත්තිවලට අදාළ නෑ PAFFREL වාර්තාවෙන් කියයි

අමෙරිකාවෙන් ඉන්දියාවට 100%ක තීරුබදු තර්ජනයක්

අමෙරිකාවෙන් ඉන්දියාවට 100%ක තීරුබදු තර්ජනයක්

බාරයක් ඔප්පු කරන්න අනුරපුරේ යන්න ගිය රේණුකා - ශ්‍රියානි දුම්රියට බිලි

බාරයක් ඔප්පු කරන්න අනුරපුරේ යන්න ගිය රේණුකා - ශ්‍රියානි දුම්රියට බිලි

රනිල් - සජිත් අද කොළඹදී හමුවෙති

රනිල් - සජිත් අද කොළඹදී හමුවෙති

පාස්කු දා ප්‍රහාරය : දේශපාලන අරමුණින් රවීට ශානිට බොරු පැමිණිලි දාලා

පාස්කු දා ප්‍රහාරය : දේශපාලන අරමුණින් රවීට ශානිට බොරු පැමිණිලි දාලා

දරු දෙදෙනෙකු මැරූ දෙහිවල ඝාතකයෝ දැලේ

දරු දෙදෙනෙකු මැරූ දෙහිවල ඝාතකයෝ දැලේ

ඕලුගලගේ උපාය දූතයාට ශොට්එක දෙන්න කොන්‍ත්‍රාත්තුව කෝටි 1 1/2ක්

ඕලුගලගේ උපාය දූතයාට ශොට්එක දෙන්න කොන්‍ත්‍රාත්තුව කෝටි 1 1/2ක්

පුෂ්පිකාගේ කිරුළ ගැලවූ සිද්ධිය : කැරොලයින් ජූරි හා චූලා නිදොස්කොට නිදහස් | Ada Derana

පුෂ්පිකාගේ කිරුළ ගැලවූ සිද්ධිය : කැරොලයින් ජූරි හා චූලා නිදොස්කොට නිදහස් | Ada Derana

නීතිපති උපදෙස් මත නාමල්  සැකකරුවෙකු ලෙස නම් කෙරේ | Ada Derana

නීතිපති උපදෙස් මත නාමල් සැකකරුවෙකු ලෙස නම් කෙරේ | Ada Derana

තාර හිඟයක් - මාර්ග සංවර්ධන අධිකාරිය | Ada Derana

තාර හිඟයක් - මාර්ග සංවර්ධන අධිකාරිය | Ada Derana

දුම්රිය වර්ජනය ස්ථිරයි - සමිති 26ක් ප්‍රවාහන ලේකම්ට කියයි | Ada Derana

දුම්රිය වර්ජනය ස්ථිරයි - සමිති 26ක් ප්‍රවාහන ලේකම්ට කියයි | Ada Derana

 මේ මස අවසානයේ තෙල් මිලේ වෙනසක්

මේ මස අවසානයේ තෙල් මිලේ වෙනසක්