header logo
Vallibel FD
Selan Bank
වෙනත් පුවත්
ජාතික තැඹිලි ගම්මාන 250ක් ස්ථාපිත කිරීමේ ව්‍යාපෘතියේ බදුල්ල දිස්ත්‍රික් වැඩසටහන ඇරඹේ
ජාතික තැඹිලි ගම්මාන 250ක් ස්ථාපිත කිරීමේ ව්‍යාපෘතියේ බදුල්ල දිස්ත්‍රික් වැඩසටහන ඇරඹේ
Mobitel 1278

ජාතික තැඹිලි ගම්මාන 250ක් ස්ථාපිත කිරීමේ ජාතික වැඩසටහනට සමගාමීව බදුල්ල දිස්ත්‍රික් තැඹිලි ගම්මාන ස්ථාපිත කිරීමේ සමාරම්භ උත්සවය අද (18) පස්සර, තොලබෝවත්ත ප්‍රදේශයේදී සිදු කෙරිණි.

දිවයින පුරා තැඹිලි ගම්මාන 250ක් ස්ථාපිත කිරීමේ ජාතික වැඩසටහනේ පළමු අදියර පසුගිය 02 වැනි දින ආරම්භ වූ අතර ඊට සමගාමීව බදුල්ල දිස්ත්‍රික් වැඩසටහන මෙලෙස ආරම්භ කෙරිණි.

මෙහිදී සංකේතාත්මකව තැඹිලි වගාකරුවන් හට තැඹිලි පැළ 500ක් බෙදා හැරීම සිදුකළ අතර පොල් ඉඩම් පුනරුත්ථාපන වැඩසහන යටතේ ප්‍රතිලාභීන් සඳහා චෙක්පත් ප්‍රදානය කිරීමද සිදුවිය.

මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ වන්නේ 2030 වර්ෂය වන විට මෙරට වාර්ෂික තැඹිලි අස්වැන්න ගෙඩි මිලියන 25කින් ඉහළ නැංවීම මෙන්ම තැඹිලි සහ ඒ ආශ්‍රිත නිෂ්පාදනවල අපනයන ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 12කට වඩා වැඩි අගයකින් ව්‍යාප්ත කිරීම වේ.

ඒ අනුව 2026-2028 කාලසීමාව තුළදී නව තැඹිලි වගා ව්‍යාපෘතිය සඳහා තැඹිලි පැළ 221,500ක් රෝපණය කිරීමටත් දැනට පවතින තැඹිලි වගාවන් හී ගස් 221,500ක් පුනරුත්ථාපනය කිරීමත් මෙමගින් සැලසුම් කර ඇත.

එමෙන්ම නව වගා බිම් ප්‍රමාණය පුළුල් කිරීම මෙන්ම පවතින තැඹිලි ගස්වල ඵලදායීතාව ඉහළ නැංවීම තුළින් තැඹිලි නිෂ්පාදනයේ ප්‍රමාණය සහ ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීමද මෙමගින් අපේක්ෂා කර තිබේ.

තවද තැඹිලි වගාවේ ඵලදායීතාව සහ අස්වැන්නේ ස්ථාවරභාවය තහවුරු කිරීම සඳහා තැඹිලි වගා භූමි අක්කර 500ක් ආවරණය වන පරිදි ජල සම්පාදන පද්ධති ඉදිකිරීමටද මෙම වැඩසටහන යටතේ සැලසුම් කර ඇත.

විධිමත් ජල කළමනාකරණ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීම තුළින් වියළි කාලසීමාවලදී වගාවන් ආරක්ෂා කර ගනිමින් ස්ථාවර හා ගුණාත්මක අස්වැන්නක් ලබාගැනීමට අවශ්‍ය පසුබිම සකස් කිරීම ද මෙහි අරමුණ වේ.

තවද, තැඹිලි වගාව ස්ථාපිත කිරීමේ අදියරේ සිට අස්වැන්න නෙළීම, ප්‍රවාහනය, සැකසීම සහ අපනයනය දක්වා වූ සමස්ත වටිනාකම් දාමය විධිමත්ව කළමනාකරණය කිරීම සඳහා වගාකරුවන්, තැඹිලි එකතුකරන්නන් සහ අපනයනකරුවන් ඇතුළු සියලු පාර්ශ්වකරුවන් සම්බන්ධ කෙරෙන නව විධිමත් දත්ත පද්ධතියක් ද ස්ථාපිත කිරීමට නියමිතය.

මෙම බදුල්ල දිස්ත්‍රික් සමාරම්භක වැඩසටහන සඳහා වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න, ඌව පළාත් ආණ්ඩුකාර කපිල ජයසේකර, වෙළඳ, වාණිජ සහ ආහාර සුරක්ෂිතතා නියෝජ්‍ය අමාත්‍ය ආර්.එම්. ජයවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රී කිට්නන් සෙල්වරාජ් යන මහත්වරුන් සහ පස්සර ප්‍රාදේශීය සභාවේ සභාපති පියසේන මහතා ඇතුළු දේශපාලන නියෝජිතයින් එක්ව සිටියහ.

ඊට අමතරව ඌව පළාත් ලේකම් අනුෂා ගෝකුල මහත්මිය, බදුල්ල අතිරේක දිස්ත්‍රික් ලේකම්තුමිය, පස්සර ප්‍රාදේශීය ලේකම්, පොල් වගා කිරීමේ මණ්ඩලයේ සභාපති වෛද්‍ය සුනිමල් ජයකොඩි මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ ප්‍රදේශයේ ජනතාව විශාල පිරිසක් සහභාගී විය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 මම පාර්ලිමේන්තුවේ නෑනේ...රට භාරගන්න මට බෑ

මම පාර්ලිමේන්තුවේ නෑනේ...රට භාරගන්න මට බෑ

අදත් ක්‍රියාත්මක දුම්රිය වර්ජනය - පිරිසක් වැඩ, පිරිසක් ගෙදර | Ada Derana

අදත් ක්‍රියාත්මක දුම්රිය වර්ජනය - පිරිසක් වැඩ, පිරිසක් ගෙදර | Ada Derana

යළි රිමාන්ඩ් භාරයට පත් වූ නාමල් අධිකරණයෙන් වැලිකඩට රැගෙන ගිය හැටි

යළි රිමාන්ඩ් භාරයට පත් වූ නාමල් අධිකරණයෙන් වැලිකඩට රැගෙන ගිය හැටි

''ළමයාව පන්තියෙන් ගන්න ගිය ඔයාට මෙහෙම වෙයි කියලා හිතුවේ නැහැනේ'' | Ada Derana

''ළමයාව පන්තියෙන් ගන්න ගිය ඔයාට මෙහෙම වෙයි කියලා හිතුවේ නැහැනේ'' | Ada Derana

එක මිටට එකතු වුණ විපක්ෂය"අරගලයට හොඳම පාට කළු..පොල්පොට්වාදී පාලනයකට තමයි යන්නේ"| Ada Derana

එක මිටට එකතු වුණ විපක්ෂය"අරගලයට හොඳම පාට කළු..පොල්පොට්වාදී පාලනයකට තමයි යන්නේ"| Ada Derana

ගල්කිස්ස හැඩ කරන්න ගත්ත දැඩි තීරණය "ඉදිකිරීම් 27ක් ඉවත් කරනවා"| Ada Derana

ගල්කිස්ස හැඩ කරන්න ගත්ත දැඩි තීරණය "ඉදිකිරීම් 27ක් ඉවත් කරනවා"| Ada Derana

 වැරදුණු අලි මන්තරේ

වැරදුණු අලි මන්තරේ

දරු දෙදෙනෙකුට මරු කැඳවූ අත්බෝම්බ ප්‍රහාරය... සැකකරු පොලිසියේදී අපරාධය වමාරයි

දරු දෙදෙනෙකුට මරු කැඳවූ අත්බෝම්බ ප්‍රහාරය... සැකකරු පොලිසියේදී අපරාධය වමාරයි

දෙමටගොඩ රත්කළ කළු පාලම යට වෙඩිතැබීම...වෙඩික්කරුවන් පැමිණි අයුරු CCTV කැමරාවේ

දෙමටගොඩ රත්කළ කළු පාලම යට වෙඩිතැබීම...වෙඩික්කරුවන් පැමිණි අයුරු CCTV කැමරාවේ

අනාගත පරපුර රැකගන්න ජනපති දරන උත්සාහය...

අනාගත පරපුර රැකගන්න ජනපති දරන උත්සාහය...

අඩු මිලට විකුණන නිසා තෙල් බෙදාහැරීම් සීමාකිරීමට විදෙස් සමාගම් සැරසෙයි

අඩු මිලට විකුණන නිසා තෙල් බෙදාහැරීම් සීමාකිරීමට විදෙස් සමාගම් සැරසෙයි

IMF නියෝජිත පිරිස  ජනපති හමුවෙයි

IMF නියෝජිත පිරිස ජනපති හමුවෙයි

විනිසුරුවරුන්ගේ වැටුප්වලින් බදු අය කළ හැකියි... - ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්

විනිසුරුවරුන්ගේ වැටුප්වලින් බදු අය කළ හැකියි... - ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්

දුම්රිය වර්ජනයෙන් විදෙස් සංචාරකයෝ අසරණයි - වෘත්තීය සමිති ආණ්ඩුවට සැරවෙයි

දුම්රිය වර්ජනයෙන් විදෙස් සංචාරකයෝ අසරණයි - වෘත්තීය සමිති ආණ්ඩුවට සැරවෙයි

එදිරිවාදිකම් පසෙකලා එක ළඟ හිඳගත් රනිල් - සජිත්.."අද අපි එකට එකතු වෙනවා"

එදිරිවාදිකම් පසෙකලා එක ළඟ හිඳගත් රනිල් - සජිත්.."අද අපි එකට එකතු වෙනවා"

Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

රස්සා නැති කතුන් ලක්ෂ 62ක් ගෙවල්වල

රස්සා නැති කතුන් ලක්ෂ 62ක් ගෙවල්වල

කෝටි සියයක මත්ද්‍රව්‍ය සමග 2017දී ඇල්ලූ  දෙහිවල ව්‍යාපාරිකයාට මරණ දඬුවම

කෝටි සියයක මත්ද්‍රව්‍ය සමග 2017දී ඇල්ලූ දෙහිවල ව්‍යාපාරිකයාට මරණ දඬුවම

කැබිනට් තීන්දු 107ක්  මාලිමා ප්‍රතිපත්තිවලට අදාළ නෑ  PAFFREL වාර්තාවෙන් කියයි

කැබිනට් තීන්දු 107ක් මාලිමා ප්‍රතිපත්තිවලට අදාළ නෑ PAFFREL වාර්තාවෙන් කියයි

අමෙරිකාවෙන් ඉන්දියාවට 100%ක තීරුබදු තර්ජනයක්

අමෙරිකාවෙන් ඉන්දියාවට 100%ක තීරුබදු තර්ජනයක්

බාරයක් ඔප්පු කරන්න අනුරපුරේ යන්න ගිය රේණුකා - ශ්‍රියානි දුම්රියට බිලි

බාරයක් ඔප්පු කරන්න අනුරපුරේ යන්න ගිය රේණුකා - ශ්‍රියානි දුම්රියට බිලි

රනිල් - සජිත් අද කොළඹදී හමුවෙති

රනිල් - සජිත් අද කොළඹදී හමුවෙති

පාස්කු දා ප්‍රහාරය : දේශපාලන අරමුණින් රවීට ශානිට බොරු පැමිණිලි දාලා

පාස්කු දා ප්‍රහාරය : දේශපාලන අරමුණින් රවීට ශානිට බොරු පැමිණිලි දාලා

දරු දෙදෙනෙකු මැරූ දෙහිවල ඝාතකයෝ දැලේ

දරු දෙදෙනෙකු මැරූ දෙහිවල ඝාතකයෝ දැලේ

ඕලුගලගේ උපාය දූතයාට ශොට්එක දෙන්න කොන්‍ත්‍රාත්තුව කෝටි 1 1/2ක්

ඕලුගලගේ උපාය දූතයාට ශොට්එක දෙන්න කොන්‍ත්‍රාත්තුව කෝටි 1 1/2ක්

පුෂ්පිකාගේ කිරුළ ගැලවූ සිද්ධිය : කැරොලයින් ජූරි හා චූලා නිදොස්කොට නිදහස් | Ada Derana

පුෂ්පිකාගේ කිරුළ ගැලවූ සිද්ධිය : කැරොලයින් ජූරි හා චූලා නිදොස්කොට නිදහස් | Ada Derana

නීතිපති උපදෙස් මත නාමල්  සැකකරුවෙකු ලෙස නම් කෙරේ | Ada Derana

නීතිපති උපදෙස් මත නාමල් සැකකරුවෙකු ලෙස නම් කෙරේ | Ada Derana

තාර හිඟයක් - මාර්ග සංවර්ධන අධිකාරිය | Ada Derana

තාර හිඟයක් - මාර්ග සංවර්ධන අධිකාරිය | Ada Derana

දුම්රිය වර්ජනය ස්ථිරයි - සමිති 26ක් ප්‍රවාහන ලේකම්ට කියයි | Ada Derana

දුම්රිය වර්ජනය ස්ථිරයි - සමිති 26ක් ප්‍රවාහන ලේකම්ට කියයි | Ada Derana

 මේ මස අවසානයේ තෙල් මිලේ වෙනසක්

මේ මස අවසානයේ තෙල් මිලේ වෙනසක්