
හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා විසින් සිදුකළ ප්‍රකාශයකින් අධිකරණයට අපහාස වී ඇත්ද යන්න සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය පොලිස්පතිවරයාට නියෝග කර තිබේ.
පසුගිය 12 වනදා පැවති රැළියේදී විමල් වීරවංශ මහතා විසින් සිදුකළ ප්‍රකාශක් හේතුවෙන් අධිකරණයට අපහසයක් වී ඇතැයි සොයා බලන ලෙස අල්ලස් කොමිසම සිදුකළ ඉල්ලීමක් සැළකිල්ලට ගනිමින් කොළඹ මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා මෙම නියෝගය ලබා දුන් බව අද දෙරණ අධිකරණ වාර්තාකරු පැවසීය.
එයාර් බස් සිද්ධිය සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව ගොනු කර ඇති නඩුව අද කැදවූ අවස්ථාවේදී අල්ලස් කොමිසම විසින් ඉදිරිපත් කර තිබු සංයුක්ත තැටියක් අධිකරණයට ඉදිරිපත් කරමින් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ජනක බණ්ඩාර මහතා විසින් එම ඉල්ලීම සිදුකර ඇත.
ඉල්ලීම සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රත් අසංග එස් බෝදරගම මහතා ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකර අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස පොලිස්පතිවරයාට නියෝග කර තිබේ.
















































