
2032 බ්‍රිස්බෙන් ඔලිම්පික් උළෙලේ ඔරු පැදීමේ තරග ඉසව් පැවැත්වීම සඳහා කිඹුලන් ගහනය අධික ගංගාවක් තෝරාගෙන ඇති බව වාර්තා වෙයි.
ඔස්ට්‍රේලියාවේ ක්වින්ස්ලන්ත ප්‍රාන්තය හරහා ගලා බසින ෆිට්ස්රෝයි ගංගාව 2032 බ්‍රිස්බෙන් ඔලිම්පික් උළෙලේ ඔරු පැදීමේ තරග ඉසව් සදහා තෝරාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
එහි තරග ඉසව් පැවැත්වෙන කලාපය ආශ්‍රිතව කිඹුලන් 500කට අධික සංඛ්‍යාවක් වෙසෙන බව සඳහන් වෙයි.
කෙසේ වෙතත් තරගාවලිය පැවැත්වීම සඳහා අනුමැතිය ලබාදීමේදී එහි කිඹුලන් සිටින්නේ ද නැද්ද යන්න සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමුකර නොමැති බව වාර්තා වෙයි.
මේ සම්බන්ධනේ අදහස් දක්වමින් 2032 බ්‍රිස්බෙන් ඔලිම්පික් සභාපතිවරයා පවසා ඇත්තේ, මෝරුන් බහුල මුහුදේ සර්ෆින් ක්‍රීඩාව සිදුකිරීමේ හැකියාව පවතින්නේ නම් ෆිට්ස්රෝයි ගංගාවේ ඔරු පැදීමේ තරග පැවැත්වීම ද ගැටලුවක් නොවන බවයි.



















































