header logo
Vallibel FD
Selan Bank
උණුසුම් පුවත්
ඉදිරි අයවැයෙන් බන්ධනාගාර නිලධාරීන්ගේ වැටුප් වැඩිකිරීමට අවධානය
ඉදිරි අයවැයෙන් බන්ධනාගාර නිලධාරීන්ගේ වැටුප් වැඩිකිරීමට අවධානය
Mobitel 1278

බන්ධනාගාර නිලධාරීන්ගේ වැටුප් හා දීමනා ඉහළ නැංවීම සම්බන්ධයෙන් ඉදිරි අයවැයේදී අවධානය යොමු කර ඇති බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ දුම්බර බෝගම්බර බන්ධනාගාරය සහ පල්ලේකැලේ එළිමහන් බන්ධනාගාරය මූලික කර ගනිමින් ඒකාබද්ධ යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීමෙන් අනතුරුව, දුම්බර බන්ධනාගාරයේ නිලධාරීන් මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් පැවති සාකච්ඡාවකට එක්වෙමින්ය.

මීගමුව බන්ධනාගාරය තුළ ඇති වූ ගැටුම්කාරී තත්ත්වයෙන් මියගිය බන්ධනාගාර නිලධාරීන් වෙනුවෙන් ඔවුන්ගේ ඥාතීන් වෙත වන්දි ලබාදීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

බන්ධනාගාර නිලධාරීන්ගේ වැටුප් හා දීමනා ඉහළ නැංවීම සම්බන්ධයෙන් ඉල්ලීම් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා හරහා ලැබී ඇති බවත්, නිලධාරීන් විසින් සිදුකරන විශිෂ්ට සේවය වෙනුවෙන් ඔවුන්ගේ වැටුප් හා දීමනා ඉහළ නැංවිය යුතු බවත් අමාත්‍යවරයා පැවසීය.

“ඉදිරි අයවැයෙන් බන්ධනාගාර නිලධාරීන්ට දීමනාවක් ලබාදීම සම්බන්ධයෙන් ජනාධිපතිතුමා සමඟ සාකච්ඡා කළා,” යැයිද අමාත්‍යවරයා සඳහන් කළේය.

බන්ධනාගාර දෙපාර්තමේන්තුව තුළ විශාල නිලධාරී පුරප්පාඩු සංඛ්‍යාවක් පවතින බව පෙන්වා දුන් අමාත්‍යවරයා, බන්ධනාගාර නිලධාරීන්ගේ සේවය මුදලින් තක්සේරු කළ නොහැකි බවද අවධාරණය කළේය.

බන්ධනාගාර තදබදය අවම කිරීම සඳහා සියලු පියවර ගනිමින් සිටින බවත්, ලබන වසරේ ජනවාරි 31 වනදා වන විට රස පරීක්ෂක වාර්තා ප්‍රමාදවීම හේතුවෙන් මාස තුනකට වැඩි කාලයක් රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටීමට සිදුවන තත්ත්වය වැළැක්වීම සඳහා වැඩපිළිවෙළක් සකස් කර ඇති බවත් අමාත්‍යවරයා පැවසීය.

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පුද්ගලයන් සම්බන්ධයෙන් පුනරුත්ථාපන ප්‍රවේශයක් අනුගමනය කළද, මත්ද්‍රව්‍ය අලෙවි කරන්නන් සම්බන්ධයෙන් කිසිදු සහනයක් ලබා නොදෙන බවද ඔහු සඳහන් කළේය.

“මත්ද්‍රව්‍ය සැපයුම නවතා දැමීමට අපට හැකියාව තිබෙනවා. නමුත් ඉල්ලුම නතර කිරීමට නම් සමාජයේ සහාය අවශ්‍යයි,” යැයි අමාත්‍යවරයා පැවසීය.

ආර්ථික ගැටලු පැවතිය හැකි නමුත් සමාජ විරෝධී ක්‍රියාවන්ට යොමුවීමෙන් වළකින ලෙසද අමාත්‍යවරයා ඉල්ලා සිටියේය.

බන්ධනාගාර සේවය ගෞරවනීය වෘත්තියක් බැවින් එහි ගරුත්වය ආරක්ෂා කරමින් කටයුතු කිරීම බන්ධනාගාර නිලධාරීන්ගේ වගකීමක් බවද අමාත්‍යවරයා අවධාරණය කළේය. කිසියම් ප්‍රතිලාභයක් වෙනුවෙන් තවත් පුද්ගලයකුගේ ජීවිතයක් විනාශ නොකළ යුතු බවද ඔහු සඳහන් කළේය.

නඩු කටයුතු සඳහා රැඳවියන් රැගෙන යාමේදී නිලධාරීන් මුහුණ දෙන ගැටලු, රැඳවියන්ගේ සහ නිලධාරීන්ගේ සුබසාධන ගැටලු ඇතුළු කරුණු රැසක් සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා කෙරිණි.

අමාත්‍යවරයා බන්ධනාගාරයේ පවතින තත්ත්වය පිළිබඳව නිරීක්ෂණයකද නිරත වූ අතර, එහිදී රැඳවියන් මුහුණ දී ඇති ගැටලු සම්බන්ධයෙන් ඔවුන් සමඟ සාකච්ඡා කළේය.

බන්ධනාගාර තුළ ගැටුම්කාරී තත්ත්වයක් ඇතිවුවහොත් කඩිනමින් ප්‍රතිචාර දැක්වීම සහ රැඳවියන්ගේ සුබසාධන කටයුතු විධිමත් කිරීමේ අරමුණින් සියලු බන්ධනාගාර මූලික කර ගනිමින් ඒකාබද්ධ යාන්ත්‍රණ ස්ථාපිත කිරීමට පියවර ගෙන තිබේ.
 
MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
දෙහිවල අත්බෝම්බ ප්‍රහාරයට පැය කිහිපයකට පෙර සැකකරුවන් ලැගුම්හලේ කාලය ගෙවූ හැටි

දෙහිවල අත්බෝම්බ ප්‍රහාරයට පැය කිහිපයකට පෙර සැකකරුවන් ලැගුම්හලේ කාලය ගෙවූ හැටි

 "ඊළඟ පරම්පරාවේ නායකයෝ අපි දැනටමත් හදලා තියෙන්නේ"

"ඊළඟ පරම්පරාවේ නායකයෝ අපි දැනටමත් හදලා තියෙන්නේ"

 පරණ පත්තර කෑල්ලක් අරන් ඇවිත්නාමල් කියපු කතාව.. "එදා කෙල්ල විදියට හිටියේ..දැන් චුට්ටක් මෙහෙම වුණාට"

පරණ පත්තර කෑල්ලක් අරන් ඇවිත්නාමල් කියපු කතාව.. "එදා කෙල්ල විදියට හිටියේ..දැන් චුට්ටක් මෙහෙම වුණාට"

 දුම්රිය වර්ජනයෙන් කොටුව පාළුවෙයි "මිනිස්සුන්ට හරි කරදරේ...මෙයාලා එළවලා දාන්න ඕනේ"

දුම්රිය වර්ජනයෙන් කොටුව පාළුවෙයි "මිනිස්සුන්ට හරි කරදරේ...මෙයාලා එළවලා දාන්න ඕනේ"

 පුංචි ලෝකාන්තයෙන් පහළට වැටී අතුරුදන් වුණු තරුණයාගේ සිරුර ගොඩගත් අසීරු මෙහෙයුම...

පුංචි ලෝකාන්තයෙන් පහළට වැටී අතුරුදන් වුණු තරුණයාගේ සිරුර ගොඩගත් අසීරු මෙහෙයුම...

 "මොන රාජපක්ෂද? මොන වික්‍රමසිංහද අදාළ නෑ"

"මොන රාජපක්ෂද? මොන වික්‍රමසිංහද අදාළ නෑ"

 "අද මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය වර්ජනය ආරම්භ කරනවා" "මගීන්ගෙන් ඇහුවොත් ලුණු ඇඹුල් ඇතිව කියයි"

"අද මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය වර්ජනය ආරම්භ කරනවා" "මගීන්ගෙන් ඇහුවොත් ලුණු ඇඹුල් ඇතිව කියයි"

 රුමේෂ්ගේ හෙල්ලවලට සිදු වූ හානිය ප්‍රතිපූර්ණයට Turkish Airlines තීරණය කරයි

රුමේෂ්ගේ හෙල්ලවලට සිදු වූ හානිය ප්‍රතිපූර්ණයට Turkish Airlines තීරණය කරයි

 දෑතින්ම අල්ලා සෙනෙහසින් තැබූ මුල්ගල..

දෑතින්ම අල්ලා සෙනෙහසින් තැබූ මුල්ගල..

එයාර් බස් ගනුදෙනු නඩුවට කොටුවට ආපු නාමල් යළි වැලිකඩට.. | Ada Derana

එයාර් බස් ගනුදෙනු නඩුවට කොටුවට ආපු නාමල් යළි වැලිකඩට.. | Ada Derana

හරස් ප්‍රශ්නවලට දිගට හරහට උත්තර දුන්න ජොනී“ඇමතිතුමා...ඇමති නෙමෙයි ආණ්ඩුවේ කියලා හිතුවද?

හරස් ප්‍රශ්නවලට දිගට හරහට උත්තර දුන්න ජොනී“ඇමතිතුමා...ඇමති නෙමෙයි ආණ්ඩුවේ කියලා හිතුවද?

ෆයිල් අරන් FCIDයට ආ තිසකුට්ටි...

ෆයිල් අරන් FCIDයට ආ තිසකුට්ටි...

 උසාවියට ඇවිත් ගියපු ඥානසාර හිමි | “අපි නීතියට හිස නමනවා...” | Ada Derana

උසාවියට ඇවිත් ගියපු ඥානසාර හිමි | “අපි නීතියට හිස නමනවා...” | Ada Derana

 දිට්වා එකෙන් පස්සේ මතුවූ අලුත්ම අවදානම..

දිට්වා එකෙන් පස්සේ මතුවූ අලුත්ම අවදානම..

එල් නිනෝ ගැන කාලගුණයෙන් අනතුරු අඟවයි "වෙන්න තියෙන දරුණුම පැත්ත හිතලා අපි සූදානම් වෙන්න ඕනේ"

එල් නිනෝ ගැන කාලගුණයෙන් අනතුරු අඟවයි "වෙන්න තියෙන දරුණුම පැත්ත හිතලා අපි සූදානම් වෙන්න ඕනේ"

Lassana Flora
Spotlight
බාරයක් ඔප්පු කරන්න අනුරපුරේ යන්න ගිය රේණුකා - ශ්‍රියානි දුම්රියට බිලි

බාරයක් ඔප්පු කරන්න අනුරපුරේ යන්න ගිය රේණුකා - ශ්‍රියානි දුම්රියට බිලි

රනිල් - සජිත් අද කොළඹදී හමුවෙති

රනිල් - සජිත් අද කොළඹදී හමුවෙති

පාස්කු දා ප්‍රහාරය : දේශපාලන අරමුණින් රවීට ශානිට බොරු පැමිණිලි දාලා

පාස්කු දා ප්‍රහාරය : දේශපාලන අරමුණින් රවීට ශානිට බොරු පැමිණිලි දාලා

දරු දෙදෙනෙකු මැරූ දෙහිවල ඝාතකයෝ දැලේ

දරු දෙදෙනෙකු මැරූ දෙහිවල ඝාතකයෝ දැලේ

ඕලුගලගේ උපාය දූතයාට ශොට්එක දෙන්න කොන්‍ත්‍රාත්තුව කෝටි 1 1/2ක්

ඕලුගලගේ උපාය දූතයාට ශොට්එක දෙන්න කොන්‍ත්‍රාත්තුව කෝටි 1 1/2ක්

පුෂ්පිකාගේ කිරුළ ගැලවූ සිද්ධිය : කැරොලයින් ජූරි හා චූලා නිදොස්කොට නිදහස් | Ada Derana

පුෂ්පිකාගේ කිරුළ ගැලවූ සිද්ධිය : කැරොලයින් ජූරි හා චූලා නිදොස්කොට නිදහස් | Ada Derana

නීතිපති උපදෙස් මත නාමල්  සැකකරුවෙකු ලෙස නම් කෙරේ | Ada Derana

නීතිපති උපදෙස් මත නාමල් සැකකරුවෙකු ලෙස නම් කෙරේ | Ada Derana

තාර හිඟයක් - මාර්ග සංවර්ධන අධිකාරිය | Ada Derana

තාර හිඟයක් - මාර්ග සංවර්ධන අධිකාරිය | Ada Derana

දුම්රිය වර්ජනය ස්ථිරයි - සමිති 26ක් ප්‍රවාහන ලේකම්ට කියයි | Ada Derana

දුම්රිය වර්ජනය ස්ථිරයි - සමිති 26ක් ප්‍රවාහන ලේකම්ට කියයි | Ada Derana

 මේ මස අවසානයේ තෙල් මිලේ වෙනසක්

මේ මස අවසානයේ තෙල් මිලේ වෙනසක්

රජයේ මිලට දෙන්න බෑ: පාඩුයි - සමාගම් 3ක් තෙල් සැපයුම සීමාකරයි

රජයේ මිලට දෙන්න බෑ: පාඩුයි - සමාගම් 3ක් තෙල් සැපයුම සීමාකරයි

 දවසේ කාටූන් විස්තරේ...

දවසේ කාටූන් විස්තරේ...

 කිලෝ 471 ක අයිස් තොගය හොරෙන් පන්නන්න හැදුවාද?

කිලෝ 471 ක අයිස් තොගය හොරෙන් පන්නන්න හැදුවාද?

 සිම්කාඩ් ලක්ෂ 3ක අනන්‍යතාව තහවුරු කර නැහැ

සිම්කාඩ් ලක්ෂ 3ක අනන්‍යතාව තහවුරු කර නැහැ

 අගෝස්තුවේ මිලියන 103ක් ෂෝෂල් මීඩියා ගිහින්

අගෝස්තුවේ මිලියන 103ක් ෂෝෂල් මීඩියා ගිහින්