header logo
Vallibel FD
Selan Bank
උණුසුම් පුවත්
ජාතික ගමනාගමන කොමිසමේ හිටපු සභාපති රේණුක පෙරේරා රිමාන්ඩ්
ජාතික ගමනාගමන කොමිසමේ හිටපු සභාපති රේණුක පෙරේරා රිමාන්ඩ්
Mobitel 1278

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් ජාතික ගමනාගමන කොමිසමේ හිටපු සභාපති රේණුක පෙරේරා මහතා ලබන 29 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.

අල්ලස් කොමිසමේ නිලධාරීන් හා සැකකරුගේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා විසින් මෙම නියෝගය නිකුත් කරන ලදී.

සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් කරුණු දැක්වූ අල්ලස් කොමිසමේ නිලධාරීන් කියා සිටියේ, මෙම සැකකරු ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා බස් රථ සඳහා බලපත්‍ර පනස් හයක් වාර්ෂික ගාස්තු එකවර අය කර ගැනීමකින් තොරව නිකුත් කර තිබෙන බවය.

මෙම බලපත්‍ර නිකුත් කිරීමට අදාළව 2014 වසරේ සැප්තැම්බර් මස 19 වනදා අමාත්‍ය මණ්ඩලය විසින් නිර්ණායක නිකුත් කර තිබූ බවත් එම නිර්ණායක උල්ලංඝනය කරමින් තමන් විසින්ම පත් කළ කමිටුවක් හරහා ලබාගත් නිර්දේශ මත සැකකරු මෙම බලපත්‍ර පනස් හය නිකුත් කර තිබෙන බවත් එම නිලධාරියා පැවසුවේය.

සැකකරු විසින් පත් කළ කමිටුව විසින් කළ නිර්දේශ මත බලපත්‍ර 30ක් නිකුත් කර ඇති අතර සැකකරුගේ අභිමතය පරිදි තවත් බලපත්‍ර 26 ක් නිකුත් කර තිබූ බවත් ඔහු සඳහන් කළේය.

මෙම බලපත්‍ර සඳහා වාර්ෂික ගාස්තු එකවර අයකර ගනු ලැබුවොත් රුපියල් 86,747,880ක මුදලක් රජයට අයකර ගැනීමට හැකියාවක් තිබුණ ද මෙම සැකකරු වාර්ෂික ගාස්තුවෙන් අඩක් පමණක් අය කරගෙන අදාළ බලපත්‍ර නිකුත් කිරීම හේතුවෙන් රුපියල් තුන්කෝටි හසු නව ලක්ෂයකට අධික මුදලක් රජයට අහිමිවී තිබෙන බවත් අල්ලස් කොමිසමේ නිලධාරියා එහිදී කීය.

මේ තුළින් සැකකරු දූෂණය නමැති වරද සිදුකර තිබෙන බව අල්ලස් කොමිසමේ නිලධාරියා පැවසීය.

මෙම සිද්ධියට අදාළව වැඩිදුර ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිතව තිබෙන අතර බැංකු වාර්තා මෙන්ම දුරකථන ඇමතුම් වාර්තා ද ලබා ගැනීමට නියමිතව බැවින් මෙම අවස්ථාවේදී සැකකරු ඇප මත මුදාහරිනු ලැබුවහොත් විමර්ශන කටයුතුවලට බාධා සිදුවිය හැකි හෙයින් සැකකරු රිමාන්ඩ් භාරයට පත් කරන ලෙසත් අල්ලස් කොමිසමේ නිලධාරියා අධිකරණයෙන් ඉල්ලීම් කළ බව සඳහන්ය.

ඉන් අනතුරුව සැකකාර රේණුක පෙරේරා මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ සම්පත් මෙන්ඩිස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් අල්ලස් කොමිසම විසින් එල්ල කරන චෝදනා සියල්ල සිය සේවාදායකයා ප්‍රතික්ෂේප කරන බව පැවසුවේය.

මෙම බලපත්‍ර නිකුත් කිරීම සිදුවුණේ විෂය භාර අමාත්‍යංශය විසින් ගනු ලැබූ තීන්දු තීරණ වලට අනුකූලව බවත් සිය සේවාදායකයා කිසිදු ආකාරයක අක්‍රමිකතාවක නිරත වී නොමැති බවත් ඔහු සඳහන් කළේය.

සැකකරුට පවතින රෝගී තත්ත්වයන් පිළිබඳව ද අධිකරණය හමුවේ කරුණු පැහැදිලි කර සිටි ජනාධිපති නීතිඥවරයා ඊට අදාළ වෛද්‍ය වාර්තා කිහිපයක්ද මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් පත් කර සිටියේය.

දෙපාර්ශ්වය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සිය නියෝගය ප්‍රකාශයට පත් කරමින් සඳහන් කළේ, සැකකරුගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බවය.

"මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවල සාක්ෂි සම්පින්ඩනයක් අධිකරණය ඉදිරිපත් වී තිබෙනවා. එය පරීක්ෂා කිරීමේදී මෙම සැකකරු රජයට පාඩුවක් සිදු කර තිබෙන බවට සෑහීමකට පත්විය හැකි කරුණු අධිකරණයට ඉදිරිපත් වෙලා තිබෙනවා.

සැකකරුගේ රෝගී තත්ත්වයන් සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කළ වාර්තා ද අසම්පූර්ණ තත්ත්වයක පවතිනවා. ඊට අමතරව මෙම සිද්ධියට සම්බන්ධ බලපත්‍ර ලාභීන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට පවතින බව පැමිණිල්ල විසින් දැනුම් දෙන බැවින් මෙම අවස්ථාවේදී සැකකරු ඇප මත මුදා හරිනු ලැබුවොත් විමර්ශන කටයුතුවලට බලපෑම් සිදුවීමට හැකියාව පවතිනවා."

මෙම තත්ත්වය සැලකිල්ලට ගෙන ඇප පනත ප්‍රකාරව මෙම සැකකරුගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බවත් මහේස්ත්‍රත්වරයා නියෝග කළේය. 

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
දෙහිවල අත්බෝම්බ ප්‍රහාරයට පැය කිහිපයකට පෙර සැකකරුවන් ලැගුම්හලේ කාලය ගෙවූ හැටි

දෙහිවල අත්බෝම්බ ප්‍රහාරයට පැය කිහිපයකට පෙර සැකකරුවන් ලැගුම්හලේ කාලය ගෙවූ හැටි

 "ඊළඟ පරම්පරාවේ නායකයෝ අපි දැනටමත් හදලා තියෙන්නේ"

"ඊළඟ පරම්පරාවේ නායකයෝ අපි දැනටමත් හදලා තියෙන්නේ"

 පරණ පත්තර කෑල්ලක් අරන් ඇවිත්නාමල් කියපු කතාව.. "එදා කෙල්ල විදියට හිටියේ..දැන් චුට්ටක් මෙහෙම වුණාට"

පරණ පත්තර කෑල්ලක් අරන් ඇවිත්නාමල් කියපු කතාව.. "එදා කෙල්ල විදියට හිටියේ..දැන් චුට්ටක් මෙහෙම වුණාට"

 දුම්රිය වර්ජනයෙන් කොටුව පාළුවෙයි "මිනිස්සුන්ට හරි කරදරේ...මෙයාලා එළවලා දාන්න ඕනේ"

දුම්රිය වර්ජනයෙන් කොටුව පාළුවෙයි "මිනිස්සුන්ට හරි කරදරේ...මෙයාලා එළවලා දාන්න ඕනේ"

 පුංචි ලෝකාන්තයෙන් පහළට වැටී අතුරුදන් වුණු තරුණයාගේ සිරුර ගොඩගත් අසීරු මෙහෙයුම...

පුංචි ලෝකාන්තයෙන් පහළට වැටී අතුරුදන් වුණු තරුණයාගේ සිරුර ගොඩගත් අසීරු මෙහෙයුම...

 "මොන රාජපක්ෂද? මොන වික්‍රමසිංහද අදාළ නෑ"

"මොන රාජපක්ෂද? මොන වික්‍රමසිංහද අදාළ නෑ"

 "අද මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය වර්ජනය ආරම්භ කරනවා" "මගීන්ගෙන් ඇහුවොත් ලුණු ඇඹුල් ඇතිව කියයි"

"අද මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය වර්ජනය ආරම්භ කරනවා" "මගීන්ගෙන් ඇහුවොත් ලුණු ඇඹුල් ඇතිව කියයි"

 රුමේෂ්ගේ හෙල්ලවලට සිදු වූ හානිය ප්‍රතිපූර්ණයට Turkish Airlines තීරණය කරයි

රුමේෂ්ගේ හෙල්ලවලට සිදු වූ හානිය ප්‍රතිපූර්ණයට Turkish Airlines තීරණය කරයි

 දෑතින්ම අල්ලා සෙනෙහසින් තැබූ මුල්ගල..

දෑතින්ම අල්ලා සෙනෙහසින් තැබූ මුල්ගල..

එයාර් බස් ගනුදෙනු නඩුවට කොටුවට ආපු නාමල් යළි වැලිකඩට.. | Ada Derana

එයාර් බස් ගනුදෙනු නඩුවට කොටුවට ආපු නාමල් යළි වැලිකඩට.. | Ada Derana

හරස් ප්‍රශ්නවලට දිගට හරහට උත්තර දුන්න ජොනී“ඇමතිතුමා...ඇමති නෙමෙයි ආණ්ඩුවේ කියලා හිතුවද?

හරස් ප්‍රශ්නවලට දිගට හරහට උත්තර දුන්න ජොනී“ඇමතිතුමා...ඇමති නෙමෙයි ආණ්ඩුවේ කියලා හිතුවද?

ෆයිල් අරන් FCIDයට ආ තිසකුට්ටි...

ෆයිල් අරන් FCIDයට ආ තිසකුට්ටි...

 උසාවියට ඇවිත් ගියපු ඥානසාර හිමි | “අපි නීතියට හිස නමනවා...” | Ada Derana

උසාවියට ඇවිත් ගියපු ඥානසාර හිමි | “අපි නීතියට හිස නමනවා...” | Ada Derana

 දිට්වා එකෙන් පස්සේ මතුවූ අලුත්ම අවදානම..

දිට්වා එකෙන් පස්සේ මතුවූ අලුත්ම අවදානම..

එල් නිනෝ ගැන කාලගුණයෙන් අනතුරු අඟවයි "වෙන්න තියෙන දරුණුම පැත්ත හිතලා අපි සූදානම් වෙන්න ඕනේ"

එල් නිනෝ ගැන කාලගුණයෙන් අනතුරු අඟවයි "වෙන්න තියෙන දරුණුම පැත්ත හිතලා අපි සූදානම් වෙන්න ඕනේ"

Lassana Flora
Spotlight
බාරයක් ඔප්පු කරන්න අනුරපුරේ යන්න ගිය රේණුකා - ශ්‍රියානි දුම්රියට බිලි

බාරයක් ඔප්පු කරන්න අනුරපුරේ යන්න ගිය රේණුකා - ශ්‍රියානි දුම්රියට බිලි

රනිල් - සජිත් අද කොළඹදී හමුවෙති

රනිල් - සජිත් අද කොළඹදී හමුවෙති

පාස්කු දා ප්‍රහාරය : දේශපාලන අරමුණින් රවීට ශානිට බොරු පැමිණිලි දාලා

පාස්කු දා ප්‍රහාරය : දේශපාලන අරමුණින් රවීට ශානිට බොරු පැමිණිලි දාලා

දරු දෙදෙනෙකු මැරූ දෙහිවල ඝාතකයෝ දැලේ

දරු දෙදෙනෙකු මැරූ දෙහිවල ඝාතකයෝ දැලේ

ඕලුගලගේ උපාය දූතයාට ශොට්එක දෙන්න කොන්‍ත්‍රාත්තුව කෝටි 1 1/2ක්

ඕලුගලගේ උපාය දූතයාට ශොට්එක දෙන්න කොන්‍ත්‍රාත්තුව කෝටි 1 1/2ක්

පුෂ්පිකාගේ කිරුළ ගැලවූ සිද්ධිය : කැරොලයින් ජූරි හා චූලා නිදොස්කොට නිදහස් | Ada Derana

පුෂ්පිකාගේ කිරුළ ගැලවූ සිද්ධිය : කැරොලයින් ජූරි හා චූලා නිදොස්කොට නිදහස් | Ada Derana

නීතිපති උපදෙස් මත නාමල්  සැකකරුවෙකු ලෙස නම් කෙරේ | Ada Derana

නීතිපති උපදෙස් මත නාමල් සැකකරුවෙකු ලෙස නම් කෙරේ | Ada Derana

තාර හිඟයක් - මාර්ග සංවර්ධන අධිකාරිය | Ada Derana

තාර හිඟයක් - මාර්ග සංවර්ධන අධිකාරිය | Ada Derana

දුම්රිය වර්ජනය ස්ථිරයි - සමිති 26ක් ප්‍රවාහන ලේකම්ට කියයි | Ada Derana

දුම්රිය වර්ජනය ස්ථිරයි - සමිති 26ක් ප්‍රවාහන ලේකම්ට කියයි | Ada Derana

 මේ මස අවසානයේ තෙල් මිලේ වෙනසක්

මේ මස අවසානයේ තෙල් මිලේ වෙනසක්

රජයේ මිලට දෙන්න බෑ: පාඩුයි - සමාගම් 3ක් තෙල් සැපයුම සීමාකරයි

රජයේ මිලට දෙන්න බෑ: පාඩුයි - සමාගම් 3ක් තෙල් සැපයුම සීමාකරයි

 දවසේ කාටූන් විස්තරේ...

දවසේ කාටූන් විස්තරේ...

 කිලෝ 471 ක අයිස් තොගය හොරෙන් පන්නන්න හැදුවාද?

කිලෝ 471 ක අයිස් තොගය හොරෙන් පන්නන්න හැදුවාද?

 සිම්කාඩ් ලක්ෂ 3ක අනන්‍යතාව තහවුරු කර නැහැ

සිම්කාඩ් ලක්ෂ 3ක අනන්‍යතාව තහවුරු කර නැහැ

 අගෝස්තුවේ මිලියන 103ක් ෂෝෂල් මීඩියා ගිහින්

අගෝස්තුවේ මිලියන 103ක් ෂෝෂල් මීඩියා ගිහින්