
ලෝක සමස්ත මළල ක්‍රීඩා ශ්‍රේණිගත කිරීම්වල 13 වන ස්ථානය දක්වා හෙල්ල විසි කිරීමේ ශූර රුමේෂ් තරංග ඉදිරියට පැමිණ තිබේ.
ඒ, නිමාවට පත් වූ අල්ටිමේට් ශූරතාවලියේ ඔහු දැක්වූ දක්ෂතා මතය.
එහිදී හෙතෙම ලබාගෙන ඇති ලකුණු සංඛ්‍යාව 1423කි.
පසුගිය සැප්තැම්බර් මස පළමුවැනිදා යාවත්කාලීන කළ ශ්‍රේණිගත කිරීම්වල රුමේෂ් තරංග 25 වන ස්ථානයේ පසුවිය.
ලෝක සමස්ත මළල ක්‍රීඩා ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථාන සියය තුළ හෙල්ල විසි කිරීමේ ක්‍රීඩකයින් දෙදෙනෙකු පමණක් රැඳිසිටීමත් විශේෂත්වයකි.
ඒ අනුව එහි 62 වන ස්ථානයේ ග්‍රෙනේඩාවේ ඇන්ඩර්සන් පීටර්ස් පසුවෙයි.



















































