header logo
Vallibel FD
Selan Bank
උණුසුම් පුවත්
මෙරට සමස්ත මරණවලින් 80%කටම ප්‍රධානතම හේතුව බෝනොවෙන රෝග
මෙරට සමස්ත මරණවලින් 80%කටම ප්‍රධානතම හේතුව බෝනොවෙන රෝග
Mobitel 1278

මෙරට සිදුවන සමස්ත මරණවලින් 80%කටම හේතු වී ඇත්තේ බෝනොවෙන රෝග බවත්, එම මරණ අතරින් ඉදිරියෙන්ම පවතින්නේ අධික රුධිර පීඩනය සහ දියවැඩියාව බවත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

මෙම රෝග දෙක එකිනෙක හා සම්බන්ධ වීමෙන් පුද්ගලයෙකුගේ සෞඛ්‍ය තුළ බරපතළ සංකූලතා රැසක් ඇති වන බව පෙන්වා දෙන ඒ මහතා, එහි දරුණුතම ප්‍රතිඵලය හෘදයාබාධ ඇති වීම බවද අවධාරණය කරයි.

ඔහු මේ බව සඳහන් කළේ අනුරාධපුර ශික්ෂණ රෝහලේ නවීන හෘද ප්‍රතිකාර සංකීර්ණයේ ඉදිකිරීම් ආරම්භ කිරීමේ අවස්ථාවට අද (16) පස්වරුවේ එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා,

"අපේ රටේ සිදු වන සමස්ත මරණවලින් 80%කටම හේතු වන්නේ බෝනොවෙන රෝගයි. මෙසේ මියයන 80% අතරින් ඉදිරියෙන්ම තිබෙන්නේ අධික රුධිර පීඩනය සහ දියවැඩියාවයි. අපි මේවා හඳුන්වන්නේ 'NCDs' (Non-Communicable Diseases) ලෙසයි.

මෙහි තිබෙන ප්‍රධාන ගැටලුව වන්නේ මෙම රෝග දෙක එකිනෙක හා සම්බන්ධ වී, පුද්ගලයෙකුගේ සෞඛ්‍ය තුළ සංකූලතා රාශියක් ඇති කිරීමයි. ශ්‍රී ලංකාවේ වර්තමාන තත්ත්වය දෙස බැලුවහොත්, අධික රුධිර පීඩනයෙන් පෙළෙන පිරිසගෙන් සාර්ථක පාලනයක (Effective control) සිටින්නේ 50%ක් පමණයි. එමෙන්ම, දියවැඩියා රෝගීන්ගෙන් නිසි පාලනයක සිටින්නේ 25%ක් වැනි කුඩා ප්‍රතිශතයක් පමණයි. මෙන්න මේ තත්ත්වය නිසා අද වන විට මෙය සමාජය තුළ විශාල ගැටලුකාරී තත්ත්වයක් බවට පත්ව තිබෙනවා.

මෙම රෝග දෙකෙහිම තිබෙන නරකම සංකූලතාව වන්නේ 'MI' නැතහොත් හෘදයාබාධ ඇති වීමයි. ප්‍රධානතම සංකූලතාව බවට පත්වන්නේ ද මෙයයි. එසේ නම්, අප කොහොමද මේ නවීන වසංගතය පාලනය කරන්නේ? අප හමුවේ ඇති විශාලම අභියෝගය වන්නේ මෙයයි.

රට පුරා නවීන පහසුකම් ඇති කරන ගමන්ම, අපේ සෞඛ්‍ය පද්ධතිය විසින් අපේ රටේ ජනගහන ව්‍යුහය සහ රෝග තත්ත්වයන්ගේ ඇති වී තිබෙන වෙනස හඳුනාගත යුතුව තිබුණා. ඒ අනුව, අපේ සෞඛ්‍ය පද්ධතියත් ඊට ගැලපෙන ක්‍රවේදයන්ට සකස් කරගත යුතුව තිබෙනවා.

ජනාධිපතිතුමා ප්‍රමුඛ රජයේ ප්‍රතිපත්තිවලට අනුව, සෞඛ්‍ය අමාත්‍යතුමාගේ මාර්ගෝපදේශකත්වය යටතේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් මේ වන විට කරගෙන යනු ලබන්නේ එවැනි දැවැන්ත වැඩපිළිවෙළක්. එහි ප්‍රධාන කොටස් තුනක් තිබෙනවා. ආරෝග්‍යා (Arogya), Cluster Systems සහ High-End Care Institutions යන තුන අපේ සෞඛ්‍ය පද්ධතියට ගැලපෙන ලෙස සකස් කරගැනීම ඉදිරියට ඉතා වැදගත් වෙනවා."

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 දුම්රිය වර්ජනයෙන් කොටුව පාළුවෙයි "මිනිස්සුන්ට හරි කරදරේ...මෙයාලා එළවලා දාන්න ඕනේ"

දුම්රිය වර්ජනයෙන් කොටුව පාළුවෙයි "මිනිස්සුන්ට හරි කරදරේ...මෙයාලා එළවලා දාන්න ඕනේ"

 පුංචි ලෝකාන්තයෙන් පහළට වැටී අතුරුදන් වුණු තරුණයාගේ සිරුර ගොඩගත් අසීරු මෙහෙයුම...

පුංචි ලෝකාන්තයෙන් පහළට වැටී අතුරුදන් වුණු තරුණයාගේ සිරුර ගොඩගත් අසීරු මෙහෙයුම...

 "මොන රාජපක්ෂද? මොන වික්‍රමසිංහද අදාළ නෑ"

"මොන රාජපක්ෂද? මොන වික්‍රමසිංහද අදාළ නෑ"

 "අද මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය වර්ජනය ආරම්භ කරනවා" "මගීන්ගෙන් ඇහුවොත් ලුණු ඇඹුල් ඇතිව කියයි"

"අද මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය වර්ජනය ආරම්භ කරනවා" "මගීන්ගෙන් ඇහුවොත් ලුණු ඇඹුල් ඇතිව කියයි"

 රුමේෂ්ගේ හෙල්ලවලට සිදු වූ හානිය ප්‍රතිපූර්ණයට Turkish Airlines තීරණය කරයි

රුමේෂ්ගේ හෙල්ලවලට සිදු වූ හානිය ප්‍රතිපූර්ණයට Turkish Airlines තීරණය කරයි

 දෑතින්ම අල්ලා සෙනෙහසින් තැබූ මුල්ගල..

දෑතින්ම අල්ලා සෙනෙහසින් තැබූ මුල්ගල..

එයාර් බස් ගනුදෙනු නඩුවට කොටුවට ආපු නාමල් යළි වැලිකඩට.. | Ada Derana

එයාර් බස් ගනුදෙනු නඩුවට කොටුවට ආපු නාමල් යළි වැලිකඩට.. | Ada Derana

හරස් ප්‍රශ්නවලට දිගට හරහට උත්තර දුන්න ජොනී“ඇමතිතුමා...ඇමති නෙමෙයි ආණ්ඩුවේ කියලා හිතුවද?

හරස් ප්‍රශ්නවලට දිගට හරහට උත්තර දුන්න ජොනී“ඇමතිතුමා...ඇමති නෙමෙයි ආණ්ඩුවේ කියලා හිතුවද?

ෆයිල් අරන් FCIDයට ආ තිසකුට්ටි...

ෆයිල් අරන් FCIDයට ආ තිසකුට්ටි...

 උසාවියට ඇවිත් ගියපු ඥානසාර හිමි | “අපි නීතියට හිස නමනවා...” | Ada Derana

උසාවියට ඇවිත් ගියපු ඥානසාර හිමි | “අපි නීතියට හිස නමනවා...” | Ada Derana

 දිට්වා එකෙන් පස්සේ මතුවූ අලුත්ම අවදානම..

දිට්වා එකෙන් පස්සේ මතුවූ අලුත්ම අවදානම..

එල් නිනෝ ගැන කාලගුණයෙන් අනතුරු අඟවයි "වෙන්න තියෙන දරුණුම පැත්ත හිතලා අපි සූදානම් වෙන්න ඕනේ"

එල් නිනෝ ගැන කාලගුණයෙන් අනතුරු අඟවයි "වෙන්න තියෙන දරුණුම පැත්ත හිතලා අපි සූදානම් වෙන්න ඕනේ"

ඔළුගලගේ පණිවිඩකරුට ෂොට්එක දෙන්න ගිය මධුවා දැලේ...

ඔළුගලගේ පණිවිඩකරුට ෂොට්එක දෙන්න ගිය මධුවා දැලේ...

ත්‍රිරෝද රථයක පැත්තක් ගැලවුණු වස්කඩුවේ අනතුර

ත්‍රිරෝද රථයක පැත්තක් ගැලවුණු වස්කඩුවේ අනතුර

 කියන දේ නාහන නුවරඑළියේ පෝනියෝ... පැන්න පාර ගහපු බ්‍රේක් එක කැමරාවේ

කියන දේ නාහන නුවරඑළියේ පෝනියෝ... පැන්න පාර ගහපු බ්‍රේක් එක කැමරාවේ

Lassana Flora
Spotlight
බාරයක් ඔප්පු කරන්න අනුරපුරේ යන්න ගිය රේණුකා - ශ්‍රියානි දුම්රියට බිලි

බාරයක් ඔප්පු කරන්න අනුරපුරේ යන්න ගිය රේණුකා - ශ්‍රියානි දුම්රියට බිලි

රනිල් - සජිත් අද කොළඹදී හමුවෙති

රනිල් - සජිත් අද කොළඹදී හමුවෙති

පාස්කු දා ප්‍රහාරය : දේශපාලන අරමුණින් රවීට ශානිට බොරු පැමිණිලි දාලා

පාස්කු දා ප්‍රහාරය : දේශපාලන අරමුණින් රවීට ශානිට බොරු පැමිණිලි දාලා

දරු දෙදෙනෙකු මැරූ දෙහිවල ඝාතකයෝ දැලේ

දරු දෙදෙනෙකු මැරූ දෙහිවල ඝාතකයෝ දැලේ

ඕලුගලගේ උපාය දූතයාට ශොට්එක දෙන්න කොන්‍ත්‍රාත්තුව කෝටි 1 1/2ක්

ඕලුගලගේ උපාය දූතයාට ශොට්එක දෙන්න කොන්‍ත්‍රාත්තුව කෝටි 1 1/2ක්

පුෂ්පිකාගේ කිරුළ ගැලවූ සිද්ධිය : කැරොලයින් ජූරි හා චූලා නිදොස්කොට නිදහස් | Ada Derana

පුෂ්පිකාගේ කිරුළ ගැලවූ සිද්ධිය : කැරොලයින් ජූරි හා චූලා නිදොස්කොට නිදහස් | Ada Derana

නීතිපති උපදෙස් මත නාමල්  සැකකරුවෙකු ලෙස නම් කෙරේ | Ada Derana

නීතිපති උපදෙස් මත නාමල් සැකකරුවෙකු ලෙස නම් කෙරේ | Ada Derana

තාර හිඟයක් - මාර්ග සංවර්ධන අධිකාරිය | Ada Derana

තාර හිඟයක් - මාර්ග සංවර්ධන අධිකාරිය | Ada Derana

දුම්රිය වර්ජනය ස්ථිරයි - සමිති 26ක් ප්‍රවාහන ලේකම්ට කියයි | Ada Derana

දුම්රිය වර්ජනය ස්ථිරයි - සමිති 26ක් ප්‍රවාහන ලේකම්ට කියයි | Ada Derana

 මේ මස අවසානයේ තෙල් මිලේ වෙනසක්

මේ මස අවසානයේ තෙල් මිලේ වෙනසක්

රජයේ මිලට දෙන්න බෑ: පාඩුයි - සමාගම් 3ක් තෙල් සැපයුම සීමාකරයි

රජයේ මිලට දෙන්න බෑ: පාඩුයි - සමාගම් 3ක් තෙල් සැපයුම සීමාකරයි

 දවසේ කාටූන් විස්තරේ...

දවසේ කාටූන් විස්තරේ...

 කිලෝ 471 ක අයිස් තොගය හොරෙන් පන්නන්න හැදුවාද?

කිලෝ 471 ක අයිස් තොගය හොරෙන් පන්නන්න හැදුවාද?

 සිම්කාඩ් ලක්ෂ 3ක අනන්‍යතාව තහවුරු කර නැහැ

සිම්කාඩ් ලක්ෂ 3ක අනන්‍යතාව තහවුරු කර නැහැ

 අගෝස්තුවේ මිලියන 103ක් ෂෝෂල් මීඩියා ගිහින්

අගෝස්තුවේ මිලියන 103ක් ෂෝෂල් මීඩියා ගිහින්