
ජපානයේ නගෝයාහිදී පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගීවන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් සංචිතය අද (16) ප්‍රකාශයට පත් කළේය.
ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් 15 දෙනෙකුගෙන් යුත් සංචිතයක් මේ සඳහා නම්කර ඇති අතර, එහි නායිකාව ලෙස නිත්‍ය නායිකා චමරි අතපත්තු නම්කර ඇත.
ආසියානු ක්‍රීඩා උළෙල සැප්තැම්බර් 19වැනිදා සිට ඔක්තෝබර් 4වැනිදා දක්වා පැවැත්වෙන අතර, එහි තරග ආරම්භවීමට පෙර ක්‍රිකට් මූලික වටයේ තරග ආරම්භ වේ.
ශ්‍රී ලංකාව තෙවැනි අර්ධ අවසන් පූර්ව තරගයේ සිට ආසියානු ක්‍රීඩා උළෙලට අවතීර්ණ වන අතර, ඒ යටතේ ඔවුන් සැප්තැම්බර් 18 වැනිදා මැලේසියානු කාන්තා කණ්ඩායම සමග තරගවැදීමට නියමිතව ඇත.
ශ්‍රී ලංකා සංචිතය
චමරි අතපත්තු (නායිකා), ඉමේෂා දුලානි, සංජනා කාවින්දි, හංසිමා කරුණාරත්න, හර්ෂිත සමරවික්‍රම, අනුෂ්කා සංජීවනී, කවීෂා දිල්හාරි, හසිනි පෙරේරා, කෞෂිනි නුත්‍යංගනා, නිමාෂා මීපගේ, සුගන්දිකා දසනායක, රශ්මිකා සෙව්වන්දි, චමුදි ප්‍රබෝදා, මිතාලි අයෝධ්‍යා, කාව්‍යා කාවින්දි



















































