
තමා ජනාධිපතිධුරය දැරූ කාලයේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය හැසිර වූ ආකාරය පිළිබඳ කෘතියක් රචනා කරමින් සිටින බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
ශ්‍රී ලංකාවේ නව චීන තානාපතිවරයා අද (16) හමුවූ අවස්ථාවේදි ඔහු මේ බව ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකාවේ නව චීන තානාපති වේයි හුවාෂියැං මහතා, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද උදෑසන මුණගැසුණි.
ඒ මල් පාරේ පිහිටි රනිල් වික්‍රමසිංහ මහතාගේ කාර්යාලයේදී.
“ශ්‍රී ලංකාවට සහ මගේ කාර්යාලයට ඔබව සාදරයෙන් පිළිගන්නවා. මම තව පරීක්ෂාවක් සඳහා සිංගප්පූරුවට ගියා. මම හොඳින්, මම දැන් එතරම් වැඩ කටයුතුවල යෙදෙන්නේ නැහැ. ඒ වගේම මම ජනාධිපතිධුරය දැරූ කාලයේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය හැසිර වූ ආකාරය ගැන පොතකුත් ලියාගෙන යනවා.පක්ෂයේ වැඩ කටයුතු මම අනෙක් අයට පවරලා තියෙන්නෙ. ඒකාබද්ධ විපක්ෂයේ කටයුතු වුණත් එහෙමයි. ඉන්දීය සාගර කලාපයේ ශ්‍රී ලංකාවේ තත්ත්වය ගැන නම් අවධානයක් යොමු කරනවා.”



















































