
මත්කරල් සමග තරුණයෙකු අත්අඩංගුවට ගැනීමට බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය සමත්ව තිබේ.
ඊයේ (15) සවස පෑලියගොඩ ප්‍රදේශයේදී බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ටාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකර තිබුණි.
එහිදී මත්කරල් 950ක් සමඟ 19 හැවිරිදි පෑලියගොඩ ප්‍රදේශයේ පදිංචි තරුණයා අත්අඩංගුවට ගෙන ඇත.
බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ටාසය මඟින් වැඩිදුර විමර්ශන සිදුකරයි.



















































