header logo
Vallibel FD
Selan Bank
ක්‍රීඩා
2029 ලෝක මලල ක්‍රීඩා ශූරතාවලියේ සත්කාරකත්වය කෙන්යාවට
2029 ලෝක මලල ක්‍රීඩා ශූරතාවලියේ සත්කාරකත්වය කෙන්යාවට
Mobitel 1278

2029 වසරේ පැවැත්වෙන ලෝක මලල ක්‍රීඩා ශූරතාවලිය (World Athletics Championships) සංවිධානය කිරීමේ අවස්ථාව දිනාගැනීමට බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නගරය අසමත් වී ඇති අතර, එම තරගකාරීත්වය ජය ගැනීමට කෙන්යාවේ නයිරෝබි (Nairobi) නගරය සමත්ව තිබේ.

මෙම තීරණයත් සමඟ ලෝක මලල ක්‍රීඩා ශූරතාවලියක් අප්‍රිකානු මහාද්වීපයේදී පැවැත්වෙන ඉතිහාසයේ පළමු අවස්ථාව මෙය වනු ඇත.

හංගේරියාවේ බුඩාපෙස්ට් නගරයේ පැවති ලෝක මලල ක්‍රීඩා කවුන්සිල රැස්වීමේදී මෙම තීරණය නිල වශයෙන් තහවුරු කෙරිණි.

අප්‍රිකානු රටක ලෝක මලල ක්‍රීඩා ශූරතාවලියක් පැවැත්වෙන පළමු අවස්ථාව මෙය වන අතර, නයිරෝබි නගරය ඉතා ආකර්ෂණීය හා ධානාත්මක ඉදිරිපත් කිරීමක් සිදු කළ බව ලෝක මලල ක්‍රීඩා සභාපති සෙබස්තියන් කෝ පැවසීය.

2012 ඔලිම්පික් උළෙල පැවති ලන්ඩන් ක්‍රීඩාංගණය කේන්ද්‍ර කරගනිමින් ලන්ඩන් නගරය මෙම තරගාවලිය සඳහා ඉදිරිපත් වුවද, බ්‍රිතාන්‍යයට එය අහිමි වීම දැඩි කලකිරිල්ලකට හේතු වී ඇති බව බ්‍රිතාන්‍ය මලල ක්‍රීඩා ආයතනයේ ප්‍රධාන විධායක ජැක් බක්නර් ප්‍රකාශ කළේය.

මෙම තරගාවලිය සඳහා තරග වැදුණු රෝම නගරයටද අවස්ථාව අහිමි වූ අතර, 2031 වසරේ ලෝක මලල ක්‍රීඩා ශූරතාවලිය පැවැත්වීමේ සත්කාරකත්වය ජර්මනියේ මියුනිච් නගරයට හිමි විය.

2027 අප්‍රිකානු ජාතීන්ගේ කුසලානය (Afcon) වෙනුවෙන් මේ වන විට නයිරෝබි නගරයේ කාසරනි ක්‍රීඩාංගණය (Kasarani Stadium) නවීකරණය කරමින් පැවතීමද ඔවුන්ගේ සත්කාරක ඉල්ලුම්පත්‍රය තවත් ශක්තිමත් කිරීමට හේතු විය.

මීට අමතරව, මීළඟ ලෝක මලල ක්‍රීඩා ශූරතා ආසියාව, අප්‍රිකාව සහ යුරෝපය යන කලාපයන්හි අනුපිළිවෙළින් පවත්වමින් ගෝලීය වශයෙන් මලල ක්‍රීඩා ක්‍රීඩාව සංවර්ධනය කිරීමේ මෙහෙවර තවදුරටත් ක්‍රියාත්මක කරන බව ලෝක මලල ක්‍රීඩා සංවිධානය සඳහන් කරයි.
 
MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
ඔළුගලගේ පණිවිඩකරුට ෂොට්එක දෙන්න ගිය මධුවා දැලේ...

ඔළුගලගේ පණිවිඩකරුට ෂොට්එක දෙන්න ගිය මධුවා දැලේ...

ත්‍රිරෝද රථයක පැත්තක් ගැලවුණු වස්කඩුවේ අනතුර

ත්‍රිරෝද රථයක පැත්තක් ගැලවුණු වස්කඩුවේ අනතුර

 කියන දේ නාහන නුවරඑළියේ පෝනියෝ... පැන්න පාර ගහපු බ්‍රේක් එක කැමරාවේ

කියන දේ නාහන නුවරඑළියේ පෝනියෝ... පැන්න පාර ගහපු බ්‍රේක් එක කැමරාවේ

 කළු ඇඳගෙන සටනට එන FUTA.."

කළු ඇඳගෙන සටනට එන FUTA.."

 පළාත් සභා ඡන්දය ගැන හිටපු මැකො සැරට අමතයි..

පළාත් සභා ඡන්දය ගැන හිටපු මැකො සැරට අමතයි..

 කොළඹට මහ වැසි ප්‍රදේශ කිහිපයක් ජලයෙන් යටවෙයි

කොළඹට මහ වැසි ප්‍රදේශ කිහිපයක් ජලයෙන් යටවෙයි

 බණ්ඩාරගමට ගතවූ පැය 24 තුළ මි.මී 200ක වැස්සක් ගංගාවල ජල මට්ටම් ඉහළයෑම ගැන වාරිමාර්ගයෙන් දැනුම්දීමක්

බණ්ඩාරගමට ගතවූ පැය 24 තුළ මි.මී 200ක වැස්සක් ගංගාවල ජල මට්ටම් ඉහළයෑම ගැන වාරිමාර්ගයෙන් දැනුම්දීමක්

ලොවක් දිනූ රත්තරං පුතා - රුමේෂ්ගේ දෙමාපියන් ගුවන්තොට් දී සංවේදී වෙයි | Ada Derana

ලොවක් දිනූ රත්තරං පුතා - රුමේෂ්ගේ දෙමාපියන් ගුවන්තොට් දී සංවේදී වෙයි | Ada Derana

 ලෝකයම හෙල්ලූ අපේ රුමේෂ් කිරුළු රැගෙන දිවයිනට

ලෝකයම හෙල්ලූ අපේ රුමේෂ් කිරුළු රැගෙන දිවයිනට

ලෝකයම මෙල්ල කළ රුමේෂ්ගේ මීළඟ ඉලක්කය | Ada Derana

ලෝකයම මෙල්ල කළ රුමේෂ්ගේ මීළඟ ඉලක්කය | Ada Derana

 දෛවයේ සරදමකට පාතාලයේ ගොදුරක් වූ පුංචි පැටවුන්...| ප්‍රහාරයට ආ ත්‍රිරෝද රථයේ වර්ණයත් වෙනස් කරලා...

දෛවයේ සරදමකට පාතාලයේ ගොදුරක් වූ පුංචි පැටවුන්...| ප්‍රහාරයට ආ ත්‍රිරෝද රථයේ වර්ණයත් වෙනස් කරලා...

 අස්ගිරිය රත්කළ විරෝධය... විරෝධතාකරුවන්ගෙන් පොලීසියටත් බාධා

අස්ගිරිය රත්කළ විරෝධය... විරෝධතාකරුවන්ගෙන් පොලීසියටත් බාධා

අගමැති හරිනි රජයේ අරමුණ පහදමින් කළ ආරාධනාව...

අගමැති හරිනි රජයේ අරමුණ පහදමින් කළ ආරාධනාව...

 රටක් හඬවමින් ආදරණීයයන්ගේ කරමතින් අවසන් ගමන් ගිය පුංචි පුතාලා...

රටක් හඬවමින් ආදරණීයයන්ගේ කරමතින් අවසන් ගමන් ගිය පුංචි පුතාලා...

යාලේ ලූකස් කාලෙකට පසුව එළි බහී | වෙච්ච කරදරේ කැමරාවේ...

යාලේ ලූකස් කාලෙකට පසුව එළි බහී | වෙච්ච කරදරේ කැමරාවේ...

Lassana Flora
Spotlight
පුෂ්පිකාගේ කිරුළ ගැලවූ සිද්ධිය : කැරොලයින් ජූරි හා චූලා නිදොස්කොට නිදහස් | Ada Derana

පුෂ්පිකාගේ කිරුළ ගැලවූ සිද්ධිය : කැරොලයින් ජූරි හා චූලා නිදොස්කොට නිදහස් | Ada Derana

නීතිපති උපදෙස් මත නාමල්  සැකකරුවෙකු ලෙස නම් කෙරේ | Ada Derana

නීතිපති උපදෙස් මත නාමල් සැකකරුවෙකු ලෙස නම් කෙරේ | Ada Derana

තාර හිඟයක් - මාර්ග සංවර්ධන අධිකාරිය | Ada Derana

තාර හිඟයක් - මාර්ග සංවර්ධන අධිකාරිය | Ada Derana

දුම්රිය වර්ජනය ස්ථිරයි - සමිති 26ක් ප්‍රවාහන ලේකම්ට කියයි | Ada Derana

දුම්රිය වර්ජනය ස්ථිරයි - සමිති 26ක් ප්‍රවාහන ලේකම්ට කියයි | Ada Derana

 මේ මස අවසානයේ තෙල් මිලේ වෙනසක්

මේ මස අවසානයේ තෙල් මිලේ වෙනසක්

රජයේ මිලට දෙන්න බෑ: පාඩුයි - සමාගම් 3ක් තෙල් සැපයුම සීමාකරයි

රජයේ මිලට දෙන්න බෑ: පාඩුයි - සමාගම් 3ක් තෙල් සැපයුම සීමාකරයි

 දවසේ කාටූන් විස්තරේ...

දවසේ කාටූන් විස්තරේ...

 කිලෝ 471 ක අයිස් තොගය හොරෙන් පන්නන්න හැදුවාද?

කිලෝ 471 ක අයිස් තොගය හොරෙන් පන්නන්න හැදුවාද?

 සිම්කාඩ් ලක්ෂ 3ක අනන්‍යතාව තහවුරු කර නැහැ

සිම්කාඩ් ලක්ෂ 3ක අනන්‍යතාව තහවුරු කර නැහැ

 අගෝස්තුවේ මිලියන 103ක් ෂෝෂල් මීඩියා ගිහින්

අගෝස්තුවේ මිලියන 103ක් ෂෝෂල් මීඩියා ගිහින්

 22 ගැන තීන්දුව 22දා මැතිසබයට

22 ගැන තීන්දුව 22දා මැතිසබයට

 2000 කුලියට 111ක් මාදිවෙල

2000 කුලියට 111ක් මාදිවෙල

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

එල් නිනෝ දරුණුයි..ඉදිරි මාස 4 ගැන රතු එළියක්

එල් නිනෝ දරුණුයි..ඉදිරි මාස 4 ගැන රතු එළියක්

කෙහෙළියට එරෙහි බාල බෙහෙත් නඩුව..පැමිණිල්ලේ නීතිඥවරිය අධිකරණයට එන්න ප්‍රමාදවීමෙන් සැවොම අපහසුතාවට

කෙහෙළියට එරෙහි බාල බෙහෙත් නඩුව..පැමිණිල්ලේ නීතිඥවරිය අධිකරණයට එන්න ප්‍රමාදවීමෙන් සැවොම අපහසුතාවට