
හැටන් නගරයේදී ව්‍යාජ විදෙස් මුදල් නොට්ටු 16 ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
හැටන් කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමක දී මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත.
ඔහු සන්තකයේ තිබී ව්‍යාජ 200 යූරෝ මුදල් නෝට්ටු 09ක් හා 100 යූරෝ මුදල් නෝට්ටු 07ක් සොයා ගැනීමට පොලිස් නිලධාරීන් සමත් ව තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 19ක් වන වටවල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවද සඳහන්.
සිද්ධිය සම්බන්ධයෙන් හැටන් පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරයි.



















































